පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1913/’11
ගරු නිරෝෂන් පෙරේරා මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) පුත්තලම දිස්ත්‍රික්කයේ, මාරවිල රජයේ රෝහලේ මෘත ශරීරාගාරයේ ශීතාගාර පහසුකම් නොමැති බව එතුමා දන්නෙහිද?
(ආ) (i) එම රෝහල සදහා ශීතාගාරයක් ඉදිකිරීමට සැලසුම් කර තිබේද;
(ii) එසේ නම්, එම ශීතාගාරය ඉදිකිරීමට ඇස්තමේන්තු ගත මුදල කොපමණද;
(iii) කොපමණ කාලයක් තුළ එම ශීතාගාරය ඉදිකිරීමට කටයුතු කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) දැනට එම රෝහලේ සේවය කරන අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ සංඛ්‍යාව කොපමණද;
(ii) රජයේ නිවාඩු දිනයකදී හෝ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා නිවාඩු ලබා ඇති අවස්ථාවකදී එම රෝහලේ පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීම සිදු නොවන බැවින්, ශීතාගාර පහසුකම් නොමැති එම රෝහලේ මෘත ශරීර කල් තබා ගැනීමට ගෙන ඇති පියවර කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-02-09
අසන ලද්දේ
ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks