පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1911/’11
ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා,— නැවත පදිංචි කිරීමේ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) 2001 මැයි මස කැබිනට් අනුමතිය ලැබුණු “ස්වකැමැත්තෙන් නොවන නැවත පදිංචිකිරීමේ ජාතික ප්‍රතිපත්තියේ” නියමයන්ට අනුකූලව;
(i) ස්වකැමැත්තෙන් නොවන නැවත පදිංචිකිරීම් සිදු කරන්නේ එය නොවැළැක්විය හැකි වුවහොත් පමණක් බවත්;
(ii) නැවත පිහිටුවීමේ ස්ථාන තෝරාගැනීම, ජීවන දීමනා සහ සංවර්ධන විකල්ප තීරණය කරනු ලබන්නේ බලපෑමට ලක්වූ පුද්ගලයින්ගෙන් සම්පූර්ණ තොරතුරු විමසීමකින් පසුව බවත්;
(iii) ආදේශක ඉඩම් සැපයීම හෝ වන්දි වශයෙන් මුදල් ගෙවීම සිදු කරනු ලබන්නේ නැතිවූ ඉඩම්, ඉදිකිරීම් සහ ජීවිකා වෘත්තීන් සලකා බැලීමෙන් පසුව බවත්;
(iv) මුළු ඉඩම සඳහා කඩිනමින් ප්‍රතිසම්පාදන අගයන් වශයෙන් වන්දි පිරිනැමෙන බවත්;
(v) ඉඩම් සඳහා ලේඛනගත හිමිකමක් නැති පුද්ගලයින්ටද සාධාරණ සැලකිල්ලක් දැක්වෙන බවත්; සහ
(vi) බලපෑමට ලක්වූ පුද්ගලයින් ප්‍රතිස්ථාපනය කිරීමට උදව් දෙන බව සහ ඔවුන්ගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කර ගැනීමට පහසුකම් සැපයෙන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) 2010 ජනවාරි සිට කොළඹ නගර සභාව තුළ ස්වකැමැත්තෙන් නොවන නැවත පදිංචිකිරීමේ ජාතික ප්‍රතිපත්තිය පිළිපදින ලද අවස්ථා සහ ක්‍රියාත්මක කිරීමේ නියෝජිත ආයතන කවරේද; සහ
(ii) සියලුම මහ නගර සභා, නාගරික මධ්‍යස්ථාන සහ අගනගරවල ස්වකැමැත්තෙන් නොවන නැවත පදිංචිකිරීමේ ජාතික ප්‍රතිපත්තිය තදින්ම ක්‍රියාත්මක කරන්නේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-02-08
අසන ලද්දේ
ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඉඩම් හා ඉඩම් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks