01

E   |     |  

 දිනය: 2011-12-21   පිළිතුර ලබා දී ඇත 

1909/2011: Sharia Law

1909/’11

 

ගරු රන්ජන් රාමනායක මහතා,— විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      විදේශ රැකියා සඳහා මැද පෙරදිග රටවලට යන බොහෝ ශ්‍රමිකයන්ට එම රටවල      ක්‍රියාත්මක වන ෂරියා නීතිය සහ අනෙකුත් නීති රීති පිළිබඳව දැනුවත්භාවයක් නොමැති බවත්;

(ii) එම  හේතුව  නිසා විදේශ  රැකියාවල යෙදීමේදී ඔවුන්ට විවිධ ගැටලුවලට මුහුණ පෑමට සිදුවී ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) මැදපෙරදිග රටවල නීති රීති පිළිබඳ නොදැනුවත්කම හේතුවෙන් එම රටවල නීතිය යටතේ  වරදකරුවන් වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්හට නීති ආධාර ලබා ගැනීමේ වැඩපිළිවෙළක් තිබේද;

(ii) නොඑසේ නම්, එවැනි වැඩපිළිවෙළක් හඳුන්වා දී එම ශ්‍රමිකයන්ට ඇතිවන ගැටලු මගහැරවීමට කටයුතු කරන්නේද;

(iii) එසේ නම්, එවැනි වැඩපිළිවෙළක් හඳුන්වා දෙන දිනය කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2011-12-21

අසන ලද්දේ

ගරු රන්ජන් රාමනායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks