04

E   |     |  

 දිනය: 2012-04-19   පිළිතුර ලබා දී ඇත 

1903/2012: කාල්ටන් ක්‍රීඩා නාලිකාව : විකාශන අයිතිය

1903/’11

ගරු දයාසිරි ජයසේකර මහතා,— ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—  

(අ)         (i)       කාල්ටන් ක්‍රීඩා නාලිකාවේ (CSN) අයිතිය රජය හෝ රජය අනුබද්ධ ආයතනයක් සතුවන්නේද;

            (ii)       එහි අයිතිය පෞද්ගලික ආයතනයක් සතු නම්, එම ආයතනයේ හිමිකරු හෝ හිමිකරුවන්ගේ නම් සහ ලිපිනයන් කවරේද;

(iii) එම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ නම් සහ ලිපිනයන් කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) කාල්ටන් ක්‍රීඩා නාලිකාවේ විකාශන කටයුතු ආරම්භ කළ දිනය හෝ ආරම්භ කිරීමට නියමිත දිනය කවරේද;

       (ii) එම නාලිකාව ආරම්භ කිරීමට වෙන් කළ තරංග පරාසයන් (frequency range) කවරේද;

      (iii) කාල්ටන් ක්‍රීඩා නාලිකාවට විකාශන අයිතිය ලබා දෙන ලද්දේ කවර කාලසීමාවක් සඳහාද;

       (iv) එම නාලිකාව ආරම්භ කිරීමට අනුමතිය ලබා දුන් ලේඛන සහ විකාශන අයිතිය ලබා දීමට අදාළ ගිවිසුම කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) එම නාලිකාව ආරම්භ කිරීම සඳහා ගෙවන ලද මුදල කොපමණද;

(ii) එම ගෙවීමට අදාළ ලේඛන ඉදිරිපත් කරන්නේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-04-19

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු කෙහෙළිය රඹුක්වැල්ල  මහතා (ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යතුමා)

(மாண்புமிகு கெஹெலிய ரம்புக்வெல்ல - வெகுசன ஊடக, தகவல் அமைச்சர்)

(The Hon. Keheliya Rambukwella - Minister of  Mass Media and  Information)

ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි:

(අ)           (i)       නැත.

               (ii)       කොටස් හිමියන්    

        නම                                             ලිපිනය

සචිත්‍ර කවිෂාන්                                  7/2, Vidyala Road,

දිසානායක මහතා                               Mount Laviniya.

                                                 Off Temple Road,

අශාන් රබිනාත්                                 29/3, Samudra Mawatha

ප්‍රනාන්දු මහතා                                  Panadura.

ශාදියා කරුණාජීව                              31/3, Horton Place,

මෙනවිය                                        Colombo 7.

රොහාන් වැලිවිට                                33, Hospital Road,

මහතා                                           Galavilawatte,

                                                  Homagama

(iii) අධ්‍යක්ෂ මණ්ඩලය

       නම                                             ලිපිනය

කවිෂාන් දිසානායක                             7/2, Vidyala Road,

මහතා                                            Off Temple Road,

                                                   Mount Laviniya.

අශාන් ප්‍රනාන්දු මහතා                            29/3, Samudra Mawatha, Panadura.

ශාදියා කරුණාජීව                                31/3, Horton Place,  

මෙනවිය                                          Colombo 7.

දිනේෂ් ජයවර්ධන                                 248, Vauxhall Street,

මහතා                                             Colombo 2.

(ආ)        (i)      රූපවාහිනී විකාශන බලපත්‍රය ලබා දෙන ලද්දේ 2011 මාර්තු 03වනදා සිටය.

             (ii)      කොළඹ UHF 22, දෙනියාය UHF 28, නායබැද්ද UHF 30, නුවරඑළිය UHF 47, මහනුවර UHF 41, මාතලේ  UHF 32, කොකාවිල් UHF 29, යාපනය UHF 30.

             (iii)      කාලසීමාවක් පනවා නොමැත.

             (iv)      භෞමික රූපවාහිනී විකාශන (Free to Air Terrestrial Television Broadcasting Network) ආරම්භ කර පවත්වාගෙන යාම සඳහා 2011.03.03 දිනැති විකාශන බලපත්‍රයක් ලබා දී ඇත.

(ඇ)         (i)       විකාශන බලපත්‍රය නිකුත් කිරීමේ ගාස්තුව රුපියල් 100,000කි. (රුපියල් එක්ලක්ෂයකි)

             (ii)       ඔව්.

අංක H/21 695283 සහ 2011.03.03 දිනැති මුදල් භාර ගැනීමේ කුවිතාන්සිය.

(ඈ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2013-01-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කෙහෙලිය රඹුක්වැල්ල මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks