04

E   |     |  

 දිනය: 2012-11-17   පිළිතුර ලබා දී ඇත 

1899/2012: ගා/ රාමදොල කනිෂ්ඨ විද්‍යාලය: ගොඩනැඟිලි සහ සම්පත්

1899/’11

 

ගරු බුද්ධික පතිරණ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      ගාල්ල දිස්ත්‍රික්කයේ, ඇල්පිටිය කලාප අධ්‍යාපන කාර්යාලයට අයත්ව තිබූ, ඉඹුල්පිටිය, ගා/ රාමදොල කණිෂ්ඨ විද්‍යාලයය මීට වර්ෂ කිහිපයකට පෙර වැසීයාම නිසා ‍‍ගොඩනැගිලි ඇතුළු අනෙකුත් සම්පත් විනාශවෙමින් පවතින බවත්;

(ii) මේ වනවිට එම පාසල් භූමිය අසල්වාසීන් විසින් අත්පත්කර ගැනීමේ අවදානමක් ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) බලහත්කාරයෙන් පාසල් භූමිය අත්පත් කරගැනීම නවතාලීමට කටයුතු කරන්නේද;

   (ii) ගා/ රාමදොල කණිෂ්ඨ විද්‍යාලයය සතු භූමිය සහ ‍ගොඩනැගිලි වෙනත් ඵලදායී කටයුත්තක් සඳහා යොදා ගැනීමට සැලසුම්කර තිබේද;

(iii) එසේ නම්, එම සැලසුම කුමක්ද;

(iv) ඒ සඳහා ප්‍රතිපාදන වෙන්කර තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?      

  (ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-11-17

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු බන්දුල ගුණවර්ධන මහතා (අධ්‍යාපන අමාත්‍යතුමා)

(மாண்புமிகு பந்துல குணவர்தன - கல்வி  அமைச்சர்)

(The Hon. Bandula Gunawardane - Minister of Education)

ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය කලාප අධ්‍යාපන කාර්යාලයට අයත්ව තිබූ ඉඹුල්පිටිය, ගා/ රාමදොල කනිෂ්ඨ විද්‍යාලය සිසුන් නොමැති වීම නිසා වැසී ගොස් ඇත. එම පාසල 2005 මැයි 12 දින ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් වෙත භාර දී ඇත.

දැනට මෙම පාසල පවතින භූමිය හා ගොඩනැඟිලි අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් දේපළක් නොවේ. එම භූමියෙහි ආරක්ෂාව හා සංවර්ධනය පිළිබඳ වගකීම ඇත්තේ ඇල්පිටිය ප්‍රාදේශීය‍ ලේකම් වෙතය.

 

පිළිතුරු දුන් දිනය

2013-05-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks