බලන්න

04

E   |     |  

 දිනය: 2012-11-17   පිළිතුර ලබා දී ඇත 

1898/2012: තඹලගමුව-කඩවාන වැව ප්‍රතිසංස්කරණය: ප්‍රතිපාදන

1898/’11

 

ගරු බුද්ධික පතිරණ මහතා,— ගොවිජන සේවා හා වනජීවී අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, තඹලගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කඩවාන වැව් බැම්ම කොටි ත්‍රස්තවාදීන් විසින් පුපුරවා හැර වර්ෂ විසි හයක් පමණ ගතවී ඇතත්, මේ දක්වා එය පිළිසකර නොකිරීම නිසා ගොවීන්ට වගා කටයුතු ආරම්භ කිරීමට නොහැකිවී ඇති බව එතුමා දන්නෙහිද?

(ආ) (i) මෙම වැව ප්‍රතිසංස්කරණය කිරීමට ඇති බාධාවන් කවරේද;

  (ii) එම ගැටලු ඉවත්කර කඩිනමින් වැව අලුත්වැඩියා කිරීමට කටයුතු කරන්නේද;

(iii) ඒ සඳහා මේ වනවිට ප්‍රතිපාදන වෙන්කර තිබේද;

(iv) එසේ නම්, ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?      

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-11-17

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු එස්.එම්. චන්ද්‍රසේන මහතා (ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යතුමා)

(மாண்புமிகு எஸ்.எம். சந்திரசேன - பொருளாதார அபிவிருத்தி பிரதி அமைச்சர்)

(The Hon. S.M. Chandrasena - Deputy Minister of Economic Development)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මම ආර්ථික සංවර්ධන අමාත්‍යතුමා වෙනුවෙන් එම ප්‍රශ්නයට පිළිතුරු දෙනවා.

(අ)   ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තඹලගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කඩවාන වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී ද සාකච්ඡා කර එම දිස්ත්‍රික්කය නියෝජනය කරන ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ගරු සුසන්ත පුංචිනිලමේ මැතිතුමා විසින් එම වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කිරීම සඳහා මහත් වෙහෙසක්  ගනු ලැබීය.

(ආ)  (i)  මෙම කඩවාන වැව් බැම්ම වනජීවී සංරක්ෂණ දෙපාර්තම්න්තුවට අයත් භූමියක පිහිටා ඇති බැවින් විශේෂයෙන් පරිසරයට හා වනජීවීන්ට බාධාවක් නොවන පරිදි සහ ඒවා ආරක්ෂා වන පරිදි වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළ යුතු ය. එබැවින් අදාළ බලධාරින් සමඟ සාකච්ඡා කර එම කාර්යය කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරමින් පවතී.

     (ii)  ඔව්.

     (iii)  ඔව්.

     (v)  ඉහත බාධාවන් ඉවත් වූ වහාම ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

(ඇ)  අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2013-05-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු එස්. එම්. චන්ද්‍රසේන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks