පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1897/’11
ගරු බුද්ධික පතිරණ මහතා,— වරාය හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ගාල්ල දිස්ත්‍රික්කයේ, නාගොඩ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ උඩවැලිපිටිතලාව හන්දියේ සිට හොරන්ගල්ල දක්වා මාර්ගයේ අතුරන ලද කොන්ක්‍රීට් මේ වන විට කැඩී ගොස්, පාරේ වලවල් හැරී ඇති බවත්;
(ii) එම මාර්ගයේ කොන්ක්‍රීට් ඇතිරීම නිසි ප්‍රමිතියකින් තොරව සිදුකර ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) කොන්ක්‍රීට් අතුරන ලද ඉහත මාර්ගයේ දිග සහ පළල කොපමණද;
(ii) කොන්ක්‍රීට් ඇතිරීම සඳහා වැයකරන ලද මුළු මුදල කොපමණද;
(iii) ඒ සඳහා අරමුදල් සපයන ලද ආයතනයේ හෝ ආයතනවල නම් කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) (i) එම මාර්ගයේ කොන්ක්‍රීට් ඇතිරීම සිදු කළ කොන්ත්‍රාත්කරුගේ නම කවරේද;
(ii) කොන්ත්‍රාත්කරුට මුදල් ගෙවීමට පෙර කාර්මික නිලධාරී වාර්තාවක් ලබා ගෙන තිබේද;
(iii) එම මාර්ගයට කොන්ක්‍රීට් ඇතිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන්නේද;
(iv) කොන්ත්‍රාත්කරු මගින් හෝ වෙනත් ප්‍රතිපාදනයක් මගින් එම මාර්ගය නැවත ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන්නේද;
(v) එසේ නම්, ඊට ගතවන කාලය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-11-16
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
වරාය හා මහාමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු නිර්මල කොතලාවල මහතා (වරාය හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍යතුමා)
(மாண்புமிகு நிர்மல கொத்தலாவல - துறைமுகங்கள், நெடுஞ்சாலைகள் பிரதி அமைச்சர்)
(The Hon. Nirmala Kotalawala - Deputy Minister of Ports and Highways)
ගරු කථානායකතුමනි, වරාය හා මහාමාර්ග අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.
(අ) (i) උඩවැලිපිටිතලාව හන්දියේ සිට හොරන්ගල්ල දක්වා මාර්ගයේ තලාව සිට උඩවැලිපිටිතලාව මෝදරගම සුදර්ශනාරාම විහාරස්ථානය දක්වා මීටර් 485ක් 2008 වර්ෂයේදී කොන්ක්‍රීට් කර ඇත. මේ වන විට ස්ථාන කීපයක පලුදු වීම් සිදු වී ඇති බව වාර්තා වී ඇත.
(ii) ස්ථාන කීපයක කොන්ක්‍රීට් ඇතිරීම ප්‍රමිතියට අනුකූල නොවන බව පසුව හෙළි වී ඇත.
(ආ) (i) දිග මීටර් 485 පළල මීටර් 3
(ii) මේ සඳහා ඇස්තමේන්තු මුදල රුපියල් මිලියන 2.6යි.
ගෙවීම් කර ඇති මුදල රුපියල් 1,711,740.96යි.
රඳවා ගෙන ඇති මුදල රුපියල් 198,126.41
(iii) මහාමාර්ග අමාත්‍යාංශය.
(ඇ) (i) ඊ.එච්. ලයනල් මහතා.
(ii) අදාළ ප්‍රාදේශීය සභාව සහ මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්මික නිලධාරින්ගේ වාර්තා ලැබී ඇත.
(iii) මැතිවරණ කොට්ඨාසයේ ගරු සංවිධායකතුමාගේ කාලයේ ඉල්ලීමක් පරිදි පරීක්ෂණයක් කර මෙම මාර්ගයේ වැඩ නවතා ඇත.
(iv) නැවත ඇස්තමේන්තු කර ක්‍රියාත්මක කරනු ඇත.
(v) 2013 වසර තුළ.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2012-11-16
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු නිර්මල කොතලාවල මහතා, පා.ම., මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks