පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1893/’11
ගරු බුද්ධික පතිරණ මහතා,— වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මාතර දිස්ත්‍රික්කයේ, කැකණදුර, ඇල්ලකන්ද වැවේ වැව් බැම්මෙහි ස්ථාන කිහිපයකින්ම ජලය කාන්දුවීමට පටන් ගැනීම නිසා අවට ගම්මානවල පදිංචිකරුවන් ගැටලු රැසකට මුහුණපා ඇති බවත්;
(ii) වැව ප්‍රතිසංස්කරණය කිරීමේදී අදාළ නිලධාරීන් විසින් සිදුකරන ලද අක්‍රමිකතා නිසා එම තත්ත්වය ඇති වී තිබෙන බවට ගොවීන් චෝදනා කරන බවත්;
(iii) ප්‍රදේශයේ ජනතාව විසින් ඉහත තත්ත්වයන් පිළිබඳව අදාළ බලධාරීන්ට දැනුම් දී ඇතත් මේ දක්වා ඊට විසඳුමක් ලැබී නොමැති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) කැකණදුර, ඇල්ලකන්ද වැවේ ප්‍රතිසංස්කරණ කටයුතුවලදී සිදු වී ඇති අක්‍රමිකතාවන් පිළිබඳ විධිමත් පරීක්‍ෂණයක් සිදුකරන්නේද;
(ii) වැව නැවත ප්‍රතිසංස්කරණයකර ජලය කාන්දුවීම් නැවැත්වීමට කටයුතු කරන්නේද;
(iii) එසේ නම්, ඊට ගතවන කාලය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-11-15
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා (වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යතුමා සහ පාර්ලිමේන්තුවේ සභානායකතුමා )
(மாண்புமிகு நிமல் சிறிபால த சில்வா - நீர்ப்பாசன, நீர்வள முகாமைத்துவ அமைச்சரும் பாராளுமன்றச் சபை முதல்வரும்)
(The Hon. Nimal Siripala de Silva - Minister of Irrigation and Water Resources Management and Leader of the House of Parliament)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
(අ) (i) සුළු ජල කාන්දුවීමක් ඇත. පස් පුරවා තැනූ වැව් බැමිවල සුළු ජල කාන්දුවීමක් තිබීම සාමාන්‍ය තත්ත්වයක් වන අතර එවැනි කාන්දුවීමකින් සිදුවිය හැකි හානි වැළැක්වීමට පෙරනයක් ඉදි කර ඇත. මෙම වැවට ආසන්න ප්‍රදේශයේ කිසිදු පදිංචිකරුවකු නැත.
(ii) වැව ප්‍රතිසංස්කරණය කිරීමේදී කිසිදු අක්‍රමිකතාවක් සිදු වී ඇති බවට වාර්තා වී නොමැත.
(iii) ප්‍රදේශයේ ජනතාව ඉල්ලුම් කරනුයේ, ඇළ මාර්ගය නිසා එම ඇළ බැමිවලින් සිදු වන ජල කාන්දු නතර කිරීම ඉටු කර දෙන ලෙස වන අතර, වැව් බැම්මේ අලුත්වැඩියාවන් නොවේ. ඇළ බැම්මේ ජල කාන්දු නතර කිරීම සඳහා ප්‍රමුඛතාවන් තෝරා ගෙන අදියර කීපයකින් කොටසින් කොටස ප්‍රතිසංස්කරණය කරනු ලබන අතර, දැනටමත් කොටසක එම කටයුතු ඉටු කර ඇත.
(ආ) (i) මේ සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් කරනු ලැබූ අතර, අක්‍රමිකතාවක් සිදු වී ඇති බවක් වාර්තා වී නොමැති බැවින් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාවක් නැත.
(ii) ඉහත (අ) කොටසේ සඳහන් කර ඇති පරිදි වැව් බැම්මේ ජල කාන්දුවෙන් ගැටලුවක් නොමැති බැවින් වැව් බැම්ම නැවත ප්‍රතිසංස්කරණ කිරීමේ අවශ්‍යතාවක් නැත.
(iii) අදාළ නොවේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-02-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks