05

සි   |     |  

 Date: 2012-11-15   Answered 

1893/2012: REHABILITATION OF ELLAKANDA TANK : IRREGULARITIES

1893/’11

Hon. Buddhika Pathirana,— To ask the Minister of Irrigation and Water Resources Management,—

(a) Is he aware that—

(i) people living in the adjoining villages of Kekanadura are faced with a number of problems as water has started to leak from number of places in the bund of the Ellakanda tank in Kekanadura in Matara District ;

(ii) farmers complain that this situation has arisen as a result of the irregularities committed by the relevant officers at the rehabilitation of the tank ; and

(iii) although the residents of the area have informed the relevant officers about the aforesaid situation, action has not been taken to remedy it?

(b) Will he inform this House—

(i) whether a formal inquiry has been conducted in relation to the irregularities that have taken place at the rehabilitation of Kekanadura Ellakanda tank ;

(ii) whether arrangements will be made to rehabilitate the tank again to stop the leakages ; and

(iii) if so, the time taken for it?

(c) If not, why?

 

Asked Date

2012-11-15

Asked by

Hon. Buddhika Pathirana, M.P.

Ministry

Irrigation & Water Resources Management

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා (වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යතුමා සහ පාර්ලිමේන්තුවේ සභානායකතුමා )

(மாண்புமிகு நிமல் சிறிபால த சில்வா - நீர்ப்பாசன, நீர்வள முகாமைத்துவ அமைச்சரும் பாராளுமன்றச் சபை முதல்வரும்)

(The Hon. Nimal Siripala de Silva - Minister of Irrigation and Water Resources Management and Leader of the House of Parliament)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.

(අ)          (i)      සුළු ජල කාන්දුවීමක් ඇත. පස් පුරවා තැනූ වැව් බැමිවල සුළු ජල කාන්දුවීමක් තිබීම සාමාන්‍ය තත්ත්වයක් වන අතර එවැනි කාන්දුවීමකින් සිදුවිය හැකි හානි වැළැක්වීමට පෙරනයක් ඉදි කර ඇත. මෙම වැවට ආසන්න ප්‍රදේශයේ කිසිදු පදිංචිකරුවකු නැත.

(ii) වැව ප්‍රතිසංස්කරණය කිරී‍මේදී කිසිදු අක්‍රමිකතාවක් සිදු වී ඇති බවට වාර්තා වී නොමැත.

(iii) ප්‍රදේශයේ ජනතාව ඉල්ලුම් කරනුයේ, ඇළ මාර්ගය නිසා එම ඇළ බැමිවලින් සිදු වන ජල කාන්දු  නතර කිරීම ඉටු කර දෙන ලෙස වන අතර, වැව් බැම්මේ අලුත්වැඩියාවන් නොවේ. ඇළ බැම්මේ ජල කාන්දු නතර කිරීම සඳහා ප්‍රමුඛතාවන් තෝරා ගෙන අදියර කීපයකින් කොටසින් කොටස ප්‍රතිසංස්කරණය කරනු ලබන අතර, දැනටමත් කොටසක එම කටයුතු ඉටු කර ඇත.

(ආ) (i) මේ සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් කරනු ලැබූ අතර, අක්‍රමිකතාවක් සිදු වී ඇති බවක් වාර්තා වී නොමැති බැවින් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාවක් නැත.

(ii) ඉහත (අ) කොටසේ  සඳහන් කර ඇති පරිදි වැව් බැම්මේ ජල කාන්දුවෙන් ගැටලුවක් නොමැති බැවින් වැව් බැම්ම නැවත ප්‍රතිසංස්කරණ කිරීමේ අවශ්‍යතාවක් නැත.

(iii) අදාළ නොවේ.

(ඇ) අදාළ නොවේ.

 

Answered Date

2013-02-07

Answered by

Hon. Nimal Siripala de Silva, Attorney at Law, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks