පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1889/’11
ගරු බුද්ධික පතිරණ මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මාතර දිස්ත්‍රික්කයේ, හක්මණ ප්‍රදේශයේ පිහිටි මාවරල ප්‍රාදේශීය රෝහලෙහි මෘත ශරීරාගාරය ඉතා අබලන් වී ඇති බවත්;
(ii) ඉතා දුෂ්කර ප්‍රදේශයක පිහිටි එම රෝහලෙහි පවතින ඉහත අඩුපාඩුව නිසා ප්‍රදේශවාසීන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණපාන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) එම ගොඩනැගිල්ල කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන්නේද;
(ii) මේ වනවිට ඒ සඳහා ප්‍රතිපාදන වෙන්කර තිබේද;
(iii) එසේ නම්, ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-11-09
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු ලලිත් දිසානායක මහතා (සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යතුමා)
(மாண்புமிகு லலித் திசாநாயக்க - சுகாதார பிரதி அமைச்சர்)
(The Hon. Lalith Dissanayake - Deputy Minister of Health)
ගරු කථානායකතුමනි, සෞඛ්‍ය අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.
(අ) (i) ඔව්.
(ii) ඔව්.
(ආ) (i) ඔව්.
(ii) ඔව්. 2013 වර්ෂයේ සංවර්ධන සැලැස්මට ප්‍රතිපාදන වෙන් කර ඇති අතර ඒ සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් 698,800කි.
(iii) 2013 වසරේ ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතය.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2013-01-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු ලලිත් දිසානායක මහතා, පා.ම., මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks