බලන්න

02

E   |     |  

 දිනය: 2012-10-24   පිළිතුර ලබා දී ඇත 

1886/2012: AMBALANGODA REST HOUSE : RECONSTRUCTION

1886/’11

 

ගරු බුද්ධික පතිරණ මහතා,— පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

 (අ)     ගාල්ල දිස්ත්‍රික්කයේ, අම්බලන්ගොඩ තානායමට අයත් ගොඩනැගිලි කඩා දමා යළි ඉදිකිරීමට මුල් ගල් තබා වර්ෂ දෙකකට වැඩි කාලයක් ගත වී ඇතත්, ‍මේ දක්වා එම ඉදිකිරීම් කටයුතු ආරම්භකර නොමැති බව එතුමා දන්නෙහිද?

(ආ) (i) එම තානායම නැවත ඉදිකිරීමේ කටයුතු අතරමග නවතා දැමීමට හේතු කවරේද;

(ii) එම ඉදිකිරීම සඳහා ප්‍රතිපාදන වෙන්කර තිබේද;

(iii) එ‍සේ නම්, වෙන් කර ඇති මුදල කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?      

(ඇ) (i) අම්බලන්ගොඩ නගර සභාව සතු මෙම ගොඩනැගිලි කඩා දැමීමට රුහුණු සංචාරක කාර්යාලයට බලය හිමි වූයේ කෙසේද;

(ii) එම ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කරන්නේද;

(iii) එසේ නම්, එම දිනය කවදාද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?      

(ඈ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-10-24

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

පළාත් පාලන හා පළාත් සභා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු ඉන්දික බණ්ඩාරනායක මහතා

(மாண்புமிகு இந்திக பண்டாரநாயக்க)

(The Hon.  Indika  Bandaranayake)

ගරු කථානායකතුමනි, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යතුමා වෙනුවෙන් මම ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙනවා.

(අ)        ඔව්.

(ආ)         (i)      රුහුණු සංචාරක කාර්යාංශය මඟින් 2009 ජූලි 28 දින මුල් ගල තබා ආරම්භ කළ අම්බලන්ගොඩ තානායම් ගොඩනැඟිල්ලේ වැඩ කටයුතු මූල්‍ය ප්‍රතිපාදන නොලැබීම මත අතරමඟ නතර වී ඇත.

(ii) නැත.

(iii) පැන නොනඟී.

(ඇ)         (i)      නාගරික සංවර්ධන අධිකාරියේ වැඩ බලන සභාපතිගේ 2008.03.28 දිනැති ලිපිය මඟින් අම්බලන්ගොඩ තානායම ප්‍රතිසංස්කරණය කිරීම, පවත්වා ගෙන යාම හා නඩත්තු කිරීම පිණිස දකුණු පළාත් සභාව වෙත පැවරීමට එම ආයතනයේ කළමනාකරණ රැස්වීමේදී තීරණය කර ඇති බව ගරු ප්‍රධාන අමාත්‍යතුමා වෙත දැනුම් දී ඇත. ඒ අනුව එහි කළමනාකාරිත්වයේ අයිතිය තවදුරටත් නාගරික සංවර්ධන අධිකාරිය සතුව තබා ගැනීමේ අරමුණින් ගිවිසුමක් අත්සන් කිරීමට යටත්ව 2008.06.09 දින එහි කායික බුක්තිය දකුණු පළාත් සභාවේ රුහුණු කාර්යාංශය වෙත නාගරික සංවර්ධන අධිකාරිය විසින් පවරා ඇත.

(ii) රුහුණු සංචාරක කාර්යාංශයට පවරා ගන්නා ලද අම්බලන්ගොඩ තානායම නැවත දකුණු පළාත් අමාත්‍ය මණ්ඩල තීරණ අංක 608:5 අනුව රුහුණු සංචාරක කාර්යාංශය විසින් නැවත අම්බලන්ගොඩ නගර සභාව වෙත පවරා දීමට අනුමත කර ඇත. ඒ අනුව අම්බලන්ගොඩ නගර සභාව විසින් නැවත ටෙන්ඩර් කැඳවා සුදුසු ආයෝජකයකු තෝරාගෙන ඇති අතර ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිතව ඇත.

(iii) ගිවිසුම් අත්සන් කළ වහාම

(ඈ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2013-03-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඉන්දික බණ්ඩාරනායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks