පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1880/’11
ගරු බුද්ධික පතිරණ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) හම්බන්තොට දිස්ත්‍රික්කයේ, වලස්මුල්ල අධ්‍යාපන කලාපයට අයත්, කටුවන කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය මගින් පාලනය වන මිද්දෙණිය ප්‍රාථමික විද්‍යාලයේ පවතින ගොඩනැගිලි හා ගුරු හිඟය නිසා සිසුන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පා ඇති බවත්;
(ii) එම විදුහලේ ගොඩනැගිලි හිඟය සහ ගුරු හිඟය පිළිබඳව බලධාරීන්ට දන්වා සිටියත් මේ දක්වා විසඳුමක් ලැබී නොමැති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) එම පාසල සඳහා නව ගොඩනැගිලි ඉදිකිරීමට සැලසුම්කර තිබේද;
(ii) එසේ නම්, ඒ සඳහා ප්‍රතිපාදන වෙන්කර තිබේද;
(iii) මුදල් වෙන්කර තිබේ නම්, ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-09-21
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු ගාමිණී විජිත් විජයමුණි ද සොයිසා මහතා
(மாண்புமிகு காமினி விஜித் விஜயமுனி த சொய்சா)
(The Hon. Gamini Wijith Wijayamuni De Zoysa)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අධ්‍යාපන අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) දකුණු පළාත් අධ්‍යාපන ලේකම්තුමාගේ ලිපියට අනුව ගුරු හිඟය පිළිබඳව දුෂ්කරතාවක් නොමැති අතර පන්ති දෙකක් සඳහා පමණක් පන්ති කාමර අවශ්‍යව ඇත.
(ii) ගුරු හිඟය - අදාළ නොවේ. (දකුණු පළාත් අධ්‍යාපන ලේකම්ගේ ලිපියට අනුව)
ගොඩනැඟිලි හිඟය - ඔව්.
(ආ) (i) මෙම වසර තුළ එසේ සැලසුම් කර නොමැත.
(ii) අදාළ නොවේ.
(iii) අදාළ නොවේ.
(ඇ) දකුණු පළාත් අධ්‍යාපන ලෙක්ම්තුමාගේ ලිපියට අනුව මෙම ඉදිකිරීම් සඳහා ප්‍රතිපාදන වෙන් කර නොමැති බවත් 2012 වසර සඳහා ලැබී ඇති ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බැවින් ඉදිරියේදී ලැබෙන ප්‍රතිපාදන අනුව ගොඩනැගිලි පහසුකම ලබා දීමට පියවර ගන්නා බව දන්වා ඇත.
පිළිතුරු දුන් දිනය
2013-01-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු විජිත් විජයමුණි සොයිසා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks