04

E   |     |  

 දිනය: 2012-09-20   පිළිතුර ලබා දී ඇත 

1878/2012: තංගල්ල, හාල්පන්දෙණිය රත්න විද්‍යාලය : වසා දැමීම

1878/’11

 

ගරු බුද්ධික පතිරණ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      හම්බන්තොට දිස්ත්‍රික්කයේ, තංගල්ල අධ්‍යාපන කලාපයේ, හාල්පන්දෙණිය රත්න විද්‍යාලය වසා දැමීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව එතුමා දන්නෙහිද?

(ආ)        (i)       එසේ නම්, එම පාසලේ සම්පත් යොදා ගෙන රජයේ කර්මාන්ත ශාලාවක් හෝ වෙනත් කටයුත්තක්  ආරම්භ කිරීමට කටයුතු කරන්නේද;

(ii) එසේ නම්, ඒ සඳහා සැලසුම් සකස් කර තිබේද;

(iii) එම සැලසුම් අනුව පාසලේ ආරම්භ කිරීමට අපේක්ෂිත කටයුත්ත කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?      

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-09-20

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු  ගාමිණී විජිත් විජයමුණි ද සොයිසා මහතා

(மாண்புமிகு காமினி விஜித் விஜயமுனி த சொய்சா)

(The Hon. Gamini Wijith Wijayamuni  De Zoysa)

ගරු නියෝජ්‍ය කථානයකතුමනි, අධ්‍යාපන ඇමතිතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුරු දෙනවා.

 

(අ)       තංගල්ල කලාපයේ හාල්පන්දෙණිය රත්න විද්‍යාලය දකුණු පළාත් සභාවට අයත් දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන පාසලකි.

           එම පාසලේ සිසුන් සංඛ්‍යාව ක්‍රමයෙන් පහත වැටී සිසුන් නොමැති වීම නිසා නිරායාසයෙන්ම පාසල දැනටමත් වැසී ඇති බව වාර්තා කොට ඇත.

(ආ) (i) පාසලක් වැසී ගොස් ඇති විට එම පාසලේ ඉඩම හා ගොඩනැඟිලි අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් වෙත පැවරීමත්, චංචල දේපළ අනෙකුත් පාසල් වෙත ලබා දීමත් පවතින ක්‍රමවේදයයි. තවම එවැනි ක්‍රියාමාර්ගයක් ගෙන නැත.

(ii) අදාළ නොවේ.

(iii) අදාළ නොවේ.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2013-01-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු විජිත් විජයමුණි සොයිසා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks