පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1871/’11
ගරු දයාසිරි ජයසේකර මහතා,— විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) යාපනය ටෙලිකොම් ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය සඳහා ඇස්තමේන්තු කළ මුදල කොපමණද;
(ii) එම ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය සඳහා ටෙන්ඩර් කැඳවීමක් සිදු කළේ නම්, ඒ සඳහා ඉල්ලුම්පත් ඉදිරිපත් කළ අයගේ නම් සහ ලිපිනයන් කවරේද;
(iii) ටෙන්ඩර් පටිපාටිය අනුව අඩුම මිල ගණන් යටතේ ඉල්ලුම් පත් යොමු කළ අයගේ නම් සහ ලිපිනයන් කවරේද;
(iv) එකී ටෙන්ඩරය ලබා දුන් පුද්ගලයාගේ හෝ ආයතනයේ නම සහ ටෙන්ඩරය ලබා දුන් මුදල කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) මේ වන විට එකී ගොඩනැගිල්ලේ ඉදිකිරීම් අවසන් කර තිබේද;
(ii) එසේ නම්, ඒ සඳහා දරන ලද සමස්ත පිරිවැය කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-04-18
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු රංජිත් සියඹලාපිටිය මහතා
(மாண்புமிகு ரஞ்ஜித் சியம்பலாப்பிட்டிய)
(The Hon. Ranjith Siyambalapitiya)
ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
(අ) (i) රු. 63,000,000.00 (බදු රහිතව)
(ii) 01. යූරෝවේලි ඉංජිනේරු සහ ඉදිකිරීම් (පුද්ගලික) සමාගම, නො. 45, වන සංරක්ෂණ කාර්යාලය, යාපනය.
02. පෙන්ත්හවුස් ඉංජිනේරු (පුද්ගලික) සමාගම, නො. 20, කොළඹ පාර, කටුනායක.
03. ස්ක්වෙයාර්මෙක් ඉංජිනේරු (පුද්ගලික) සමාගම, නො. 135/1, පරණ කොට්ටාව පාර, නාවින්න, මහරගම.
04. ලින්ක් ඉංජිනේරු (පුද්ගලික) සමාගම, නො. 137බී, රාජගිරිය පාර, රාජගිරිය.
05. V.V. කරුණාරත්න සහ සමාගම, නො. 579, බුළුගහ හන්දිය, නුවර පාර, කැලණිය.
(iii) යූරෝවේලි ඉංජිනේරු සහ ඉදිකිරීම් (පුද්ගලික)සමාගම, නො. 45, වන සංරක්ෂණ කාර්යාලය, යාපනය.
(iv) පෙන්ත්හවුස් ඉංජිනේරු (පුද්ගලික) සමාගම, නො. 20, කොළඹ පාර, කටුනායක (දෙවන අවම ලංසුව) රු. 57,409,988.42 (බදු රහිතව)
(ආ) (i) ඔව්. ඉදිකිරීම් කටයුතු දැනට සම්පූර්ණ කර ඇත.
(ii) රු. 56,352,900.34 (බදු රහිතව) අමතර වැඩ සඳහා මුදල රු. 5,265,354.12 (බදු රහිතව)
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-01-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රංජිත් සියඹලාපිටිය මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks