පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1832/’11
ගරු බුද්ධික පතිරණ මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) අනුරාධපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල භූමිය තුළ වර්ෂ ගණනාවක් තිස්සේ රුපියල් කෝටි ගණනක් වටිනා රථවාහන රැසක් දිරාපත් වෙමින් පවතින බවත්;
(ii) රාජ්‍ය සම්පත් එලෙස විනාශවීමට ඉඩහැරීම ජාතික අපරාධයක් බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ආ) (i) ඉහත සඳහන් රථවාහන අලුත්වැඩියා කර නැවත ධාවන කටයුතු සඳහා යොදා නොගැනීමට හේතු කවරේද;
(ii) එම වාහන අලුත්වැඩියා කර නැවත භාවිතා කිරීමට කටයුතු කරන්නේද;
(iii) එසේ නම්, ඒ සඳහා ගතවන කාලය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-08-10
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු ලලිත් දිසානායක මහතා (සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යතුමා)
(மாண்புமிகு லலித் திசாநாயக்க - சுகாதார பிரதி அமைச்சர்)
(The Hon. Lalith Dissanayake - Deputy Minister of Health)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, සෞඛ්‍ය අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.
(අ) (i) නැත.
(ii) ප්‍රයෝජනයට ගත නොහැකි තත්ත්වයේ පවතින වාහන 14ක් අනුරාධපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල භූමිය තුළ තිබෙන අතර, ඉන් වාහන 9ක් අනුරාධපුර ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ ඉල්ලීම අනුව එහි පුහුණුව ලබන සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා එම අධිකාරිය වෙත පවරා ඇත. ඉතිරි වාහන වෙන්දේසි කිරීම සඳහා කටයුතු කරමින් පවතී.
(ආ) (i) මෙම වාහන නැවත අලුත්වැඩියා කළ නොහැකි තත්ත්වයෙන් දිරාපත් වී ඇත.
(ii) නැත. අලුත්වැඩියා කළ නොහැකි තත්ත්වයේ පවතින මෙම වාහන අලුත්වැඩියා කිරීම ආර්ථිකමය වශයෙන් ඵලදායී නොවේ.
(iii) අදාළ නොවේ.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2013-01-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු ලලිත් දිසානායක මහතා, පා.ම., මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks