පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1821/’11
ගරු බුද්ධික පතිරණ මහතා,— වරාය හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) මහනුවර දිස්ත්‍රික්කයේ, හාරිස්පත්තුවත් මහනුවර නගරයත් යා කෙරෙන හල්ඔළුව, දොඩම්වල සංගිලි පාලම වෙනුවට ස්ථිර පාලමක් ඉදිකිරීම සඳහා කීපවරක් මුල්ගල් තබා ඇතත් මේ දක්වා එම පාලම ඉදිවී නොමැති බව එතුමා දන්නෙහිද?
(ආ) (i) ජනතාවගේ ගමන් පහසුව සඳහා ඉහත ස්ථානයේ නව පාලමක් ඉදි කිරීමට කටයුතු කරන්නේද;
(ii) ඒ සඳහා මේ වනවිට ප්‍රතිපාදන වෙන්කර තිබේද;
(iii) එලෙස වෙන්කර ඇති මුදල කොපමණද;
(iv) එම පාලම ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරන දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-07-04
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
වරාය හා මහාමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු නිර්මල කොතලාවල මහතා (වරාය හා මහාමාර්ග අමාත්‍යතුමා)
(மாண்புமிகு நிர்மல கொத்தலாவல - துறைமுகங்கள், நெடுஞ்சாலைகள் அமைச்சர்)
(The Hon. Nirmala Kotalawala - Minister of Ports and Highways)
ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
(අ) ඔව්.
1965 වසර, ඒ වාගේම 1979 වසර, 1992 වසර, 1996 වසර යනුවෙන් මේ ස්ථානයේ පාලම් ඉදි කිරීම සඳහා සාකච්ඡා
කර අදාළ කටයුතු ආරම්භ කර ඇත.
(ආ) (i) නව පාලමක් ඉදි කිරීම සඳහා තවම තීරණයක් ගෙන නැත.
(ii) නැත.
(iii) අදාළ නොවේ.
(iv) අදාළ නොවේ
(ඇ) මෙම ස්ථානයේ දැනට මගීන් සඳහා පාලමක් ඉදි කර ඇති අතර, එය 1939 ඉදි කරන ලද්දකි.
දැනට ගැටඹේ ඇති නව පාලම මෙයට පසු ඉදි කර ඇති අතර, එය මෙම මගී පාලම ඇති ස්ථානයේ ඉදි නො කරන ලද්දේ එම ස්ථානයට සම්බන්ධ වන ජෝර්ජ් ඊ ද සිල්වා මාවත ඉතා වංගු සහිත වැඩිදියුණු කිරීමට ඉතා අපහසු මාර්ගයක් වන බැවිනි.
හල්ඔළුව ප්‍රදේශයේ වාහන ගැටඹේ ප්‍රදේශය වෙතට මෙම පාලම හරහා පැමිණීමට වඩා පේරාදෙණිය - හල්ඔළුව පාරෙන් පැමිණීම පහසු වේ.
ඒ නිසා මෙම ස්ථානයේ අධික වියදමක් දරා පාලමක් ඉදි කළ ද, එයින් සිදු වන සේවාව ඉතා අල්ප වන බැවින්, මෙහි පාලමක් ඉදි කිරීමෙන් ආර්ථික මෙන්ම සමාජයීය වශයෙන් ද සැලකිය යුතු වාසියක් අත් නොවන බව කාරුණිකව දන්වමි. එබැවින් මෙම පාලම ඉදි කිරීමට මේ වන විට පියවර නොගෙන ඇත.
පිළිතුරු දුන් දිනය
2013-02-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු නිර්මල කොතලාවල මහතා, පා.ම., මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks