පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1757/’11
ගරු රවී කරුණානායක මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) යුද හමුදාව සමග දැනට ව්‍යාපාර කටයුතු කරමින් සිටින හිටපු යුධ හමුදා නිලධාරීන් සංඛ්‍යාව කොපමණද;
(ii) එසේ කිරීම සඳහා අවසර දිය හැකිද;
(iii) යුද හමුදාව සමග වැඩිපුරම වෙළඳ කටයුතු කරන සමාගම් 20 හි නම් සහ ඒවායෙහි අධ්‍යක්‍ෂවරුන්ගේ නම් කවරේද;
(iv) 2007, 2008, 2009, 2010 සහ 2011 යන වර්ෂ සඳහා එම එක් එක් සමාගමේ වෙළඳ වටිනාකම් වෙන් වෙන් වශයෙන් කවරේද;
(v) ඉහත සඳහන් සමාගම් යුද හමුදාව සමග ව්‍යාපාර කටයුතු කිරීමේ අවස්ථාව ලබා ගැනීමේදී ටෙන්ඩර් පටිපාටීන් අනුගමනය කරන්නේද;
(vi) නොඑසේ නම්, ඊට හේතු කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-07-05
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍ය කාර්යාලය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
(மாண்புமிகு தினேஷ் குணவர்தன)
(The Hon. Dinesh Gunawardena)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.
(අ) (i) නොදනී.
(ii) අවසර ගැනීමට අවශ්‍ය නොවේ.
(iii)/ (iv) ඇමුණුමෙහි සඳහන් වේ. ඇමුණුම සභාගත* කරමි.
(v) ඔව්.
(vi) අදාළ නොවේ.
(ආ) අදාළ නොවේ.
* සභාමේසය මත තබන ලද ඇමුණුම:
சபாபீடத்தில் வைக்கப்பட்ட இணைப்பு :
Annex tabled:
පිළිතුරු දුන් දිනය
2013-02-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks