පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1747/’11
ගරු රවී කරුණානායක මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කැසිනෝ ව්‍යාපාර සාමාන්‍ය ව්‍යාපාරික කටයුත්තක් ලෙස මෙම රජය පිළිගන්නේද;
(ii) නොඑසේ නම්, කැසිනෝ ව්‍යාපාරයට අදාළ කටයුතු නීතිගත කිරීමට සහ ඒවායින් බදු අය කිරීමට හේතු කවරේද;
(iii) කැසිනෝ ව්‍යාපාරය තුළින් රටට ලැබෙන ප්‍රතිලාභ කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-05-25
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල් හා ක්‍රමසම්පාදන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා (ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතා අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යතුමා)
(மாண்புமிகு கலாநிதி சரத் அமுனுகம - சர்வதேச நிதிய கூட்டிணைப்பு அமைச்சரும் நிதி, திட்டமிடல் பிரதி அமைச்சரும்)
(The Hon. (Dr.) Sarath Amunugama - Minister of International Monetary Co-operation and Deputy Minister of Finance and Planning)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අපේ හිතවත් මන්ත්‍රීතුමා අහපු ප්‍රශ්නයට මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යතුමා වෙනුවෙන් මා පිළිතුර දෙනවා.
(අ) (i) 1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම හා සූදු බදු පනත අනුව 1988 වසරේ සිට බුකී හෝ කැසිනෝ ව්‍යාපාර ඇතුළු සියලු සූදු ව්‍යාපාර වාර්ෂික බදු සඳහා යටත් වේ. එමෙන්ම, 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමන) පනත යටතේද ඒ ආකාරයෙන්ම බදු අය කිරීම සිදු කරනු ලබයි. කෙසේ වුවද, 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමන) පනත පැනවීමත් සමඟ කැසිනෝ ව්‍යාපාර පවත්වාගෙන යෑම නම් කරන ලද ප්‍රදේශවලට සීමා කිරීම මෙන්ම බලපත්‍ර ලබා දීමට හා අනෙකුත් විවිවිධානවලට යටත් කිරීම මඟින් එවැනි ව්‍යාපාර අවිධිමත්ව පවත්වාගෙන යෑම නතර කිරීමට රජය පියවර ගෙන ඇත.
(ii) අ (i) පිළිතුර අදාළ වේ.
(iii) නම් කරන ලද ප්‍රදේශවල කැසිනෝ ව්‍යාපාරය පවත්වා ගෙන යෑම හරහා විශේෂයෙන්ම විදේශ සංචාරකයන් ඒ සඳහා ආකර්ෂණය වනු ඇත.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2013-02-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks