02

E   |     |  

 දිනය: 2011-12-19   පිළිතුර ලබා දී ඇත 

1736/2011: Lotteries - Issued by Cooperative Society -Puttalama

1736/’11

 

ගරු පාලිත රන්ගෙ බණ්ඩාර මහතා,— සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)       පුත්තලම විවිධසේවා සමූපකාර සමිතිය මගින් 2009 වර්ෂයේදී  ලොතරැයි අලෙවි කිරීමක් සිදුකළ බව එතුමා දන්නෙහිද?

(ආ)        (i)      එම ලොතරැයිය වෙනුවෙන් මුද්‍රණය කළ ටිකට්පත් සංඛ්‍යාව කොපමණද;

(ii) එයින් අලෙවි කළ ටිකට්පත් සංඛ්‍යාව කොපමණද;

(iii) එම ලොතරැයි අලෙවි කිරීමෙන් ලද මුළු ආදායම කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) (i) ඉහත ලොතරැයි අලෙවියට අදාළව දිනුම් ඇදීම සිදුකර තිබේද;

(ii) එසේ නම්, එහි ජයග්‍රාහකයන් කවුරුන්ද;

(iii) දිනුම් ඇදීමක් සිදු කර නොමැති නම්, ඊට හේතු කවරේද;

(iv) මෙතෙක් දිනුම් ඇදීමක් සිදු නොකිරීම සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

 (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2011-12-19

අසන ලද්දේ

ගරු පාලිත රන්ගේ බණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks