පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1705/’11
ගරු රවී කරුණානායක මහතා,— විදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ලොව පුරා පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල හෝ මහ කොමසාරිස් කාර්යාලවල සේවයේ නියුතු, තානාපතිවරු හෝ මහ කොමසාරිස්වරුන්ගේ නම්, ඔවුන් සේවයේ නියුතු රට අනුව කවරේද;
(ii) කිසියම් තානාපතිවරයෙකු හෝ මහ කොමසාරිස්වරයෙකු විසින් සිය ප්‍රධාන කාර්යාලයේ සිට වෙනත් රටවල් ද ආවරණය කරමින් සේවය කරන්නේ නම්, එම රටවල නම් කවරේද;
(iii) විදේශ දූත සේවාවෙන් පත්කර ඇති තානාපතිවරුන්ගේ / මහ කොමසාරිස්වරුන්ගේ සේවා පළපුරුද්ද කවරේද;
(iv) දේශපාලන පදනමින් තනතුරට පත්කර ඇති තානාපතිවරුන්ගේ / මහ කොමසාරිස්වරුන්ගේ සේවා පළපුරුද්ද හෝ සුදුසුකම් කවරේද;
(v) ශ්‍රී ලංකාව වෙනුවෙන් පසුගිය වසර පහක කාලය එක් එක් තානාපති කාර්යාලය විසින් ඉටුකරන ලද වැදගත් කාර්යයන් කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) ශ්‍රී ලංකාවෙන් ඉහත සඳහන් එක් එක් තානාපති කාර්යාලයට හෝ මහ කොමසාරිස් කාර්යාලයට පත්කර යවන ලද කාර්ය මණ්ඩල සාමාජිකයන් සංඛ්‍යාව කවරේද;
(ii) ඉහත සඳහන් එක් එක් තානාපති කර්යාලයේ හෝ මහ කොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් වාර්ෂිකව දරන ලද පිරිවැය කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-04-19
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදේශ කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු නියෝමාල් පෙරේරා මහතා
(மாண்புமிகு நியோமால் பெரேரா)
(The Hon. Neomal Perera)
ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමාගේ නැන්දම්මා අභාවප්‍රාප්ත වී තිබෙන අවස්ථාවේත් එතුමා පාර්ලිමේන්තුවට පැමිණීම ගැන ස්තුතිවන්ත වනවා. එතුමියගේ අභාවය පිළිබඳව මෙම අවස්ථාවේදී මගේ කනගාටුවත් ප්‍රකාශ කර සිටිනවා.
I would like to table* the answer on behalf of the Minister of External Affairs. There is a detailed report on what you have asked.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(a) (i) List attached (Annex 1*)
(ii) List attached (Annex 1*)
(iii) List attached (Annex 2*)
(iv) List attached (Annex 3*)
(v) The promotion, projection and protection internationally of Sri Lanka’s national interests in accordance with the foreign policy of the Government and to advise the Government on managing international developments in keeping with the best interests of Sri Lanka. (Annex 4)
(b) (i) List attached (Annex 5*)
(ii) List attached (Annex 5*)
(c ) Does not arise.
පිළිතුරු දුන් දිනය
2013-01-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු නියෝමාල් පෙරේරා මහතා, පා.ම., මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks