04

E   |     |  

 දිනය: 2011-12-16   පිළිතුර ලබා දී ඇත 

1662/2011: Mental Health Projects - North Area

1662/’11

 

ගරු ඊ. සරවනපවන් මහතා,— ‍සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      සෞඛ්‍ය අමාත්‍යංශය විසින් වර්ෂ 2010 ජූනි මාසයට පසුව උතුරු පළාත තුළ  මානසික සෞඛ්‍යයට අදාළව කුමන හෝ ක්‍රියාකාරකමක් සිදු කරන්නේද;

(ii) එසේ නම්, එවැනි ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) වර්ෂ 2010 ජුනි මාසයෙන් පසුව උතුරු පළාතේ සිය දිවි හානි කර ගැනීමේ ප්‍රතිශතය වැඩි වී ඇති බව එතුමා දන්නෙහිද?

(ඇ) (i) උතුරු පළාත තුළ සියදිවි හානිකර ගැනීම් වැඩිවීමට අදාළ තොරතුරු කවරේද;

(ii) සියදිවි හානිකර ගැනීමේ ප්‍රවනතාව වැඩිවීම වළකාලීම සඳහා විශේෂිත පියවර ගෙන තිබේද;

(iii) එසේ නම්, ඒවා කවරේද;

(iv) එවැනි විශේෂිත පියවර ගෙන නොමැති නම්, ඊට හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2011-12-16

අසන ලද්දේ

ගරු ඊ. සරවනපවන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks