පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1652/’11
ගරු බුද්ධික පතිරණ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මොනරාගල සහ බදුල්ල දිස්ත්‍රික්කවල වර්ෂ ගණනාවක සිට අඛණ්ඩව සේවයේ නිරතවන පාසල් අනධ්‍යයන සේවකයින්ගේ සේවය මෙතෙක් ස්ථිර කර නොමැති බවත්;
(ii) වර්ෂ 2005 සහ 2008 වර්ෂවලදී බඳවා ගෙන ඇති මෙම පිරිස මේ දක්වා සුළු දෛනික වැටුපකට සේවය කරනු ලබන බවත්;
(iii) එම තත්ත්වය යටතේ ඔවුන් ආර්ථික දුෂ්කරතාවයන්ට මුහුණ දෙන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) මෙම අනධ්‍යයන සේවක පිරිස ස්ථිර කිරීම සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වා තිබියදීත් ඔවුන්ගේ සේවය ස්ථිර නොකිරීමට හේතු කවරේද;
(ii) එම හේතු මගහරවා ඔවුන් ස්ථිර සේවක පිරිසට අන්තර්ග්‍රහණය කිරීමට කටයුතු කරන්නේද;
(iii) එසේ නම්, ඒ සඳහා ගතවන කාලය කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-05-23
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i), (ii) අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ අනධ්‍යයන සේවක වර්ග දෙකක් පවතී. එනම්, ස්ථීර පදනමින් බඳවා ගත් අනධ්‍යයන සේවකයින් සහ අනියම් පදනම මත බඳවා ගත් දෛනික වැටුප් ලබන සේවකයින් ලෙස වේ.
අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ වූ ජාතික පාසල්, ගුරු විද්‍යාල සහ විද්‍යා පීඨ සඳහා අනියම් පදනම මත බඳවා ගෙන 2009.10.31 දිනට දින 180ක සේවා කාලයක් සපුරා තිබූ හා සුදුසුකම් සපුරා ඇති අනධ්‍යයන කාර්ය මණ්ඩලයට අයත් සේවකයින් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 20/2009 අනුව එම තනතුරුවල ස්ථිර කර ඇත.
ඉහත චක්‍රලේඛයේ සඳහන් දිනට දින 180ක සේවා කාලයක් සපුරා නොමැති සහ පසුව බඳවා ගත් අනියම් සේවකයින් ස්ථීර කිරීම සඳහා චක්‍රලේඛ මෙතෙක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර නැත. නැවත රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් නිකුත් කිරීමෙන් පසු දැනට දින 180ක් සම්පූර්ණ කරන ලද අනියම් සේවකයින්ට අසාධාරණයක් නොවන පරිදි අනියම් සේවකයන් ස්ථිර කිරීමට කටයුතු කරනු ඇත.
2005 සහ 2008 වර්ෂවලදී බඳවා ගෙන ඇති අදාළ සුදුසුකම් සපුරා ඇති ස්ථිර පදනමින් බඳවා ගත් අනධ්‍යයන සේවකයින්ගේ සේවය අදාළ පරිවාස කාලය අවසාන කාලයේදී ස්ථිර කර ඇත.
(iii) අදාළ නොවේ.
(ආ) (i) 2009.10.31 දිනෙන් පසු නැවත බඳවා ගෙන ඇති අනියම් සේවකයින් ස්ථිර කිරීම සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වා නැත. සම්මුඛ පරීක්ෂණයට කැඳවනු ලබන්නේ නැවත රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ නිකුත් කිරීමෙන් පසුවය.
(ii) ඉහත පිළිතුර අදාළ වේ.
(iii) කාලය හරියටම නිශ්චිතව කියන්න පුළුවන්කමක් නැහැ.
(ඇ) ඒකට හේතුව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය නිකුත් කිරීම මත තීරණය වන බැවින්.
පිළිතුරු දුන් දිනය
2013-12-11
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මොහාන් ලාල් ග්‍රේරු මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks