පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1647/’11
ගරු බුද්ධික පතිරණ මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පුත්තලම දිස්ත්‍රික්කයේ, මුන්දලම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පිහිටි කොට්ටන්තිවු ග්‍රාමීය රෝහල විවෘත කර වර්ෂ හයක් ගතවී ඇතත් මෙතෙක් කිසිම රෝගියකු රෝහලට ඇතුළත් කරගෙන නොමැති බවත්;
(ii) රෝහල විවෘත කළ ද භෞතික සම්පත් සහ මානව සම්පත් නිසි ලෙස ලබා නොදීම නිසා මෙම තත්ත්වය ඇති වී තිබෙන බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ආ) (i) එසේ නම්, ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතාවන් ඉටු කිරීම සඳහා රෝහලේ පවතින අඩුපාඩු කඩිනමින් සම්පූර්ණ කිරීමට කටයුතු කරන්නේද;
(ii) එසේ නම්, ඊට ගතවන කාලය කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-05-11
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු ලලිත් දිසානායක මහතා (සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යතුමා)
(மாண்புமிகு லலித் திசாநாயக்க - சுகாதார பிரதி அமைச்சர்)
(The Hon. Lalith Dissanayake - Deputy Minister of Health)
ගරු කථානායකතුමනි, සෞඛ්‍ය අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.
(අ) (i) සහ (ii) නැත.
අවශ්‍යතාවක්ව පැවති වෛද්‍ය නිලධාරියකු හා දන්ත වෛද්‍ය නිලධාරියකු මෙම රෝහලට ලබා දී ඇත.
(ආ) (i) ඔව්.
(ii) 2012.03.29 දින සඅට ප්‍රදේශයේ ජනතාවට නිසි පරිදි සේවා ලබා දීමට දැනටමත් කටයුතු කර ඇත.
ඇ) පැන නොනගී.
පිළිතුරු දුන් දිනය
2013-01-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු ලලිත් දිසානායක මහතා, පා.ම., මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks