04

E   |     |  

 දිනය: 2012-04-18   පිළිතුර ලබා දී ඇත 

1636/2012: ගාල්ල මහමෝදර රෝහල යළි ගොඩනැඟීම : විදේශ ආධාර

1636/’11

 

ගරු බුද්ධික පතිරණ මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       සුනාමියෙන් විනාශ වූ ගාල්ල මහමෝදර රෝහල යළි ගොඩනැගීම සඳහා රුපියල් මිලියන 3000 ක විදේශ ආධාර මුදලක් ලැබී වර්ෂ පහකට වැඩි කාලයක් ගත වී ඇති බවත්;

  (ii)  මේ දක්වා එහි ඉදිකිරීම් කටයුතු අත්තිවාරමට පමණක් සීමා වී ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ)  මෙම රෝහල ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්කරුට රජයේ බදු සහන ලබා දී  තිබේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)  (i)  රෝහල ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 3000 ක මුදල ලබා දුන් රට කුමක්ද;

  (ii)    කොන්ත්‍රාත්කරු විසින් එම මුදල් ලබාගෙන රෝහල් ගොඩනැගිල්ල ඉදිනොකිරීම පිළිබඳව සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පරීක්‍ෂණයක් සිදු කරනු ලැබුවේද;

  (iii)  එසේ නම්, එහි ප්‍රතිඵලය කවරේද;

  (iv)  පරීක්‍ෂණයක් සිදු නොකළේ නම්,  ඊට හේතුව කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ)  (i)  නැවතත් විදේශීය ණය මුදලක් ලබා ගෙන මෙහි ඉදිකිරීම් කටයුතු කිරීමේ සැලසුමක් තිබේද;

  (ii)  එසේ නම්, එම ණය මුදල කොපමණද;

   (iii)  එම ණය මුදල ලබා ගන්නා ආයතනය සහ රට  කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඉ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-04-18

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු ලලිත් දිසානායක මහතා (සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යතුමා)

(மாண்புமிகு லலித் திசாநாயக்க - சுகாதார பிரதி அமைச்சர்)

(The Hon. Lalith Dissanayake - Deputy Minister of Health)

ගරු කථානායකතුමනි, සෞඛ්‍ය අමාත්‍යතුමා වෙනුවන් මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.

(අ)          (i)      ශ්‍රී ලංකා රජයට විදේශ ආධාර මුදලක් ලැබී නැත. එහෙත් සුනාමියෙන් විනාශ වූ ගාල්ල මහමෝදර රෝහල සංවර්ධනය සඳහා ජර්මනියේ හෙල්මුට් කෝල් මාතෘ රෝහල් පදනම - Maternity Hospital Foundation - විසින් යූරෝ මිලියන 5.9ක මුදලක් ජර්මන් තානාපති කාර්යාලය හරහා  Senok Trade Combine Limited  ආයතනය වෙත සෘජුවම ලබා දී ඇත.

කෙළින්ම එම ආයතනයට ලබා දී තිබෙනවා.

(ii) ඔව්.

(ආ) ඔව්.

(ඇ) (i) ජර්මනියේ හෙල්මුට් කෝල් මාතෘ රෝහල් පදනම.

(ii) ජර්මන් තානාපති කාර්යාලය ඇතුළු ආයතන රාශියකින් කරුණු සොයා බැලීම සිදු කර ඇත.

(iii) ජර්මනියේ හෙල්මුට් කෝල් මාතෘ රෝහල් පදනම විසින් සෘජුවම මුදල් ලබා දී ඇති අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා මුදල් ලබා දීමක් සිදු වී නැත. මෙහි ඉදි කිරීම් දැනට  අත්තිවාරමට පමණක් සීමා වී ඇති අතර, තවදුරටත් මුදල් නොලැබීමේ හේතුව නිසා මෙම ගොඩනැඟිලි ඉදි කිරීම් කටයුතු නැවතී ඇත.

(iv) මේ පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මඟින් මේ වන විටත් පරීක්ෂණයක් පවත්මින් තිබේ.

 

(ඈ)         (i)      ඔව්.

              (ii)      යූරෝ මිලියන 28.

             (iii)      ජර්මනියේ පූනර්නිර්මාණි බැංකුව.

           එම කටයුතු අඩාළ වීම නිසා අතිගරු ජනාධිපතිතුමා විශේෂයෙන් කළ ඉල්ලීමක් අනුව තමයි යූරෝ මිලියන 28ක් ජර්මනියේ පූනර්නිර්මාණි බැංකුව මඟින් ලබා ගෙන නැවත මේ රෝහල ඉදි කරන්නට කටයුතු කරලා තිබෙන්නේ.

(ඉ)      පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2012-11-14

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු ලලිත් දිසානායක මහතා, පා.ම.,  මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks