04

E   |     |  

 දිනය: 2011-10-21   පිළිතුර ලබා දී ඇත 

1614/2011: Gramaniladari Divisions - Marudankeni Divisional Secratarial

1614/’11

 

ගරු ඊ. සරවනපවන් මහතා,— රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       මරුදන්කේනි ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසය තුළ පවතින ග්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාව කොපමණද;

            (ii)       එහි සේවයෙහි නිරත ග්‍රාම නිලධාරීන් සංඛ්‍යාව කොපමණද;

(iii) යළි පදිංචි කිරීමේ කටයුතු සිදුකෙරෙන මෙකී ප්‍රදේශයන්හි පවතින ග්‍රාම නිලධාරී පුරප්පාඩු පිරවීම සඳහා කඩිනම් පියවර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

 (ආ) (i) යාපනය පරිපාලන දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 තුළ පවතින ග්‍රාම නිලධාරී පුරප්පාඩු සංඛ්‍යාව කොපමණද;

(ii) යාපනය දිස්ත්‍රික්කයෙහි දැනට ස්ථිර ග්‍රාම නිලධාරීන් නොමැති, වැඩ බලන ග්‍රාම නිලධාරීන් විසින් සේවා ආවරණය කරන ග්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින්, වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) එම ප්‍රදේශයේ පවතින ග්‍රාම නිලධාරී පුරප්පාඩු පිරවීම සඳහා ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑ‍සේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2011-10-21

අසන ලද්දේ

ගරු ඊ. සරවනපවන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks