පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1613/’11
ගරු ඊ. සරවනපවන් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කිලිනොච්චිය අධ්‍යාපන කලාපයේ සේවයේ යෙදිය යුතු අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරින්ගේ සංඛ්‍යාව කොපමණද;
(ii) දැනට කිලිනොච්චිය අධ්‍යාපන කලාපයේ සේවයේ නියතු අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරීන්ගේ සංඛ්‍යාව කොපමණද;
(iii) එම අධ්‍යාපන කලාපයේ දැනට පවතින අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරීන්ගේ පුරප්පාඩු සම්පූර්ණ කිරීමට පියවර ගන්නේද;
(iv) නොඑසේ නම්, ඊට හේතු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) කිලිනොච්චිය අධ්‍යාපන කලාපය සඳහා අනුමත ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ I, II, සහ III ශ්‍රේණිවලට අදාළ විදුහල්පතිවරුන්ගේ සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) දැනට සේවයේ නියුතු ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ I, II, සහ III ශ්‍රේණිවලට අදාළ විදුහල්පතිවරුන්ගේ සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) අනුමත සේවක සංඛ්‍යාවට අනුව සිටිය යුතු එක් එක් ශ්‍රේණියේ විදුහල්පතිවරු සංඛ්‍යාව එම අධ්‍යාපන කලාපයට ලබා දීමට කටයුතු කරන්නේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2011-10-07
අසන ලද්දේ
ගරු ඊ. සරවනපවන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks