පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1601/’11
ගරු රවී කරුණානායක මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2004.01.01 දින සිට අද දක්වා වූ කාලය තුළ අධිචෝදනා ගොනුකිරීමෙන් පසුව නීතිපතිවරයා විසින් ඉල්ලා අස්කරගෙන ඇති නඩු සංඛ්‍යාව කොපමණද;
(ii) එලෙස අධිචෝදනා ඉදිරිපත් කරන ලද නඩුවල සහ පුද්ගලයන්ගේ නම් සහ එම අධිචෝදනාපත්‍ර භාරදුන් දිනයන් කවරේද;
(iii) එලෙස අධිචෝදනාපත්‍ර භාරදීමෙන් අනතුරුව ඒවා ඉල්ලා අස්කර ගැනීමට හේතු කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) භාරදුන් අධිචෝදනාපත්‍රයක් ඉල්ලා අස්කර ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව විසින් දරන ලද වියදම කොපමණද;
(ii) ඒ සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන්ගේ නම් කවරේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-08-07
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍ය කාර්යාලය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා
(மாண்புமிகு நிமல் சிறிபால த சில்வா)
(The Hon. Nimal Siripala de Silva)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා වෙනුවෙන් මම එම ප්‍රශ්නයට පිළිතුර ලබා දෙනවා.
(අ) (i) අධිචෝදනා ඉල්ලා අස් කර ගත් නඩු වැඩ අවසන් කළ නඩු ලෙස සලකනු ලැබේ. එම නිසා මෙම නඩුවලට අදාළ වෙන් වෙන් වාර්තා තබා ගනු නොලැබේ. වාර්තා තබා ගන්නේ වැඩ අවසන් කළ නඩු වශයෙනි.
මෙම නඩු අවසන් වූ ආකාරය පිළිබඳව වාර්තා පවත්වනු ලබන්නේ නැත. කරුණු මෙසේ හෙයින් අධි චෝදනා ඉල්ලා අස් කර ගත් නඩු සංඛ්‍යාව සඳහන් කිරීමට නොහැක.
(ii) අධි චෝදනා ඉල්ලා අස් කර ගත් නඩු වැඩ අවසන් කළ නඩු ලෙස සලකන බැවින් එම අධි චෝදනාවල ඇතුළත් චූදිතයින්ගේ නම් වෙන් වෙන් වශයෙන් සටහන් කර නොමැත.
(iii) අධි චෝදනා ඉල්ලා අස් කර ගැනීමේ කිසිදු බලයක් නීතිපතිවරයාට නොමැත. ඉල්ලා අස් කර ගැනීමට හේතු අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමෙන් පසුව අධි චෝදනා ඉල්ලා අස් කර ගැනීමේ අවසරය පමණක් ඉල්ලා සිටීමට නීතිපතිවරයාට හැකිය. නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ හේතු සලකා බලා අධි චෝදනා අස් කර ගැනීමේ අවසරය ලබා දීම හෝ එය ප්‍රතික්ෂේප කිරීම අධිකරණය සතු කාර්ය භාරයකි. අධි චෝදනා ඉල්ලා අස් කර ගනු ලැබූ සියලුම නඩුවලදී ඉල්ලා අස් කර ගැනීමේ අයදුම්පතට සහායක් වශයෙන් පැමිණිල්ලේ නීතිඥවරයා විසින් ඉල්ලා අස් කර ගැනීමට හේතු අධිකරණය වෙත ඉදිරිපත් කර සිටී.
(ආ) (i) අධි චෝදනා ඉල්ලා අස් කර ගැනීමේදී කිසිදු වියදමක් දැරීමට සිදු නොවේ.
(ii) සෑම විටම රජයේ අධි නීතිඥවරයකු මඟින් අධිකරණය හමුවේ නීතිපතිවරයාව නියෝජනය කෙරෙනු ලැබේ. ඉහත අංක (අ) (i) හි දක්වා ඇති හේතු පරිදි අධි චෝදනා ඉල්ලා අස් කර ගනු ලැබූ අවස්ථාවේ නඩුව සඳහා පෙනී සිටි රජයේ අධිනීතිඥවරයා පිළිබඳව විශේෂයෙන් සටහන් කිරීමක් නැත.
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2013-04-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks