05

සි   |     |  

 Date: 2012-08-07   Answered 

1601/2012: CASES WITHDRAWN AFTER INDICTMENTS: DETAILS

1601/’11

Hon. Ravi Karunanayake,— To ask the Prime Minister and Minister of Buddha Sasana and Religious Affairs,—

(a) Will he state—

(i) the number of  cases withdrawn by the Attorney General from 2004/01/01 to date  after they were indicted;

(ii) the names of the cases and persons indicted and the dates on which   those indictments were served; and

(iii) the reasons for serving indictments and  withdrawing them thereafter ?

(b) Will he also state—

(i) the cost incurred by the Attorney General’s Department for withdrawals of indictments ; and

(ii) the names of the lawyers who appeared on behalf of  the Attorney General’s Department for the same ?

(c) If not, why?

 

Asked Date

2012-08-07

Asked by

Hon. Ravi Karunanayake, M.P.

Ministry

Prime Minister

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා

(மாண்புமிகு  நிமல் சிறிபால த சில்வா)

(The Hon. Nimal Siripala de Silva)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා වෙනුවෙන් මම එම ප්‍රශ්නයට පිළිතුර ලබා දෙනවා.

(අ)          (i)      අධිචෝදනා ඉල්ලා අස් කර ගත් නඩු වැඩ අවසන් කළ නඩු ලෙස සලකනු ලැබේ. එම නිසා මෙම නඩුවලට අදාළ වෙන් වෙන් වාර්තා තබා ගනු නොලැබේ. වාර්තා තබා ගන්නේ වැඩ අවසන් කළ නඩු වශයෙනි.

                         මෙම නඩු අවසන් වූ ආකාරය පිළිබඳව වාර්තා පවත්වනු ලබන්නේ නැත. කරුණු මෙසේ හෙයින් අධි චෝදනා ඉල්ලා අස් කර ගත් නඩු සංඛ්‍යාව සඳහන් කිරීමට නොහැක.

              (ii) අධි චෝදනා ඉල්ලා අස් කර ගත් නඩු වැඩ අවසන් කළ නඩු ලෙස සලකන බැවින් එම අධි චෝදනාවල  ඇතුළත් චූදිතයින්ගේ නම් වෙන් වෙන් වශයෙන් සටහන් කර නොමැත.

             (iii) අධි චෝදනා ඉල්ලා අස් කර ගැනීමේ කිසිදු බලයක් නීතිපතිවරයාට නොමැත. ඉල්ලා අස් කර ගැනීමට හේතු අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමෙන් පසුව අධි චෝදනා ඉල්ලා අස් කර ගැනීමේ අවසරය පමණක් ඉල්ලා සිටීමට නීතිපතිවරයාට හැකිය. නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ හේතු සලකා බලා අධි චෝදනා අස් කර ගැනීමේ අවසරය ලබා දීම හෝ එය ප්‍රතික්ෂේප කිරීම අධිකරණය සතු කාර්ය භාරයකි. අධි චෝදනා ඉල්ලා අස් කර ගනු ලැබූ සියලුම නඩුවලදී ඉල්ලා අස් කර ගැනීමේ අයදුම්පතට සහායක් වශයෙන් පැමිණිල්ලේ නීතිඥවරයා විසින් ඉල්ලා අස් කර ගැනීමට හේතු අධිකරණය වෙත ඉදිරිපත් කර සිටී.

(ආ) (i) අධි චෝදනා ඉල්ලා අස් කර ගැනීමේදී කිසිදු වියදමක් දැරීමට සිදු නොවේ.

      (ii) සෑම විටම රජයේ අධි නීතිඥවරයකු මඟින් අධිකරණය හමුවේ නීතිපතිවරයාව නියෝජනය කෙරෙනු ලැබේ. ඉහත අංක (අ) (i) හි දක්වා ඇති හේතු පරිදි අධි චෝදනා ඉල්ලා අස් කර ගනු ලැබූ අවස්ථාවේ නඩුව සඳහා පෙනී සිටි රජයේ අධිනීතිඥවරයා පිළිබඳව විශේෂයෙන් සටහන් කිරීමක් නැත.

(ඈ) පැන නොනඟී.

 

Answered Date

2013-04-24

Answered by

Hon. Nimal Siripala de Silva, Attorney at Law, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks