පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1586/’11
ගරු බුද්ධික පතිරණ මහතා,— පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්, සිරිසමන්පුර - ඇරවක්ඔය හරහා ඇති හීන්දෙණියාවල පාලමේ ඉදිකිරීම් කටයුතු අතරමග නැවතී වර්ෂ ගණනාවක් ගතවී ඇති බවත්;
(ii) මේ නිසා ගම්මාන රැසක ජනතාව දැඩි අපහසුතාවයකට මුහුණ පාන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) එම පාලමේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ වර්ෂය කවරේද;
(ii) එහි ඉදිකිරීම් කටයුතු සඳහා ප්‍රතිපාදන ලබාදෙන ආයතනය හෝ ආයතන කවරේද;
(iii) හීන්දෙණියාවල පාලමේ ඉදිකිරීම් කටයුතු සඳහා ටෙන්ඩර් කැඳවනු ලැබුවේද;
(iv) එසේ නම්, එම ටෙන්ඩර් ඉදිරිපත් කරන ලද ආයතනවල නම් කවරේද;
(v) ඒ ඒ ආයතන මගින් ඉදිරිපත් කරන ලද ටෙන්ඩර් මිල ගණන් කවරේද;
(vi) ටෙන්ඩර් පිරිනමන ලද ආයතනය හා අදාල ටෙන්ඩර් මුදල කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) පාලමේ ඉදිකිරීම් කටයුතු අතරමග නවතා දැමීමට හේතු කවරේද;
(ii) මෙම පාලම ඉදිකිරීමට අවශ්‍ය කටයුතු කරන්නේද;
(iii) ඒ සඳහා ප්‍රතිපාදන වෙන්කර තිබේද;
(iv) එසේ නම්, එම මුදල කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-03-23
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
පළාත් පාලන හා පළාත් සභා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු ඉන්දික බණ්ඩාරනායක මහතා (පළාත් පාලන හා පළාත් සභා නියෝජ්‍ය අමාත්‍යතුමා)
(மாண்புமிகு இந்திக பண்டாரநாயக்க - உள்ளூராட்சி, மாகாண சபைகள் பிரதி அமைச்சர்)
(The Hon. Indika Bandaranayake - Deputy Minister of Local Government and Provincial Councils)
ගරු කථානායකතුමනි, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යතුමා වෙනුවෙන් මම එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.
(අ) (i) වසර 7ක් ගත වී ඇත.
(ii) ඔව්, මේ සඳහා ස්ථිර පාලමක් ඉදි කරන තෙක් මාස 03කට පමණ පෙර යකඩ ග්‍රේඩර් සවි කර ඒ මත ඇටඹ ලී යොදා සැහැල්ලු වාහන ගමන් කිරීමට හැකි වන සේ සකස් කර ප්‍රදේශවාසින්ගේ ගමනාගමන පහසුකම් සලසා ඇත.
(ආ) (i) 2005 වසරේදී.
(ii) ආයතනය: ඇහැලියගොඩ ප්‍රදේශීය සභාව
විමධ්‍යගත අරමුදල් යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ප්‍රතිපාදන ලබා දී ඇත.
(iii) නැත.
(iv) ව්‍යාපෘතීන්හි තිරසාර පැවැත්ම, අවශ්‍යතාව හෝ ප්‍රදේශය තුළ රැකියා අවස්ථා ජනනය කිරීම වැනි ඇතැම් නිශ්චිත සාමාජයීය අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 3:9:1 වගන්තිය අනුව ටෙන්ඩර් කැඳවීමකින් තොරව ප්‍රාදේශීය ලේකම් විසින් නම් කරනු ලැබූ නියෝජිතයන් දෙදෙනෙකුගෙන් සමන්විත වන කමිටුවේ නිර්දේශ මත වෙරළුගස් හේන ග්‍රාම සංවර්ධන සමිතිය විසින් මෙම ව්‍යාපෘතියේ ගිවිසුම් අත්සන් කර ඇස්තමේන්තුවට අදාළ වැඩ කොටස් නිම කර ඇත.
(v) අදාළ නොවේ.
(vi) අදාළ නොවේ.
(ඇ) (i) ඉතිරි වැඩ කොටස් නිම කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන නොලැබීම.
(ii) ප්‍රතිපාදන 2013 වසර සඳහා වෙන් කර දීමට බලාපොරොත්තු වේ.
(iii) දැනට ප්‍රතිපාදන වෙන් කර නොමැති බව ප්‍රාදේශීය ලේකම් දන්වා ඇත. පළාත් සභා අරමුදලින්ද ප්‍රතිපාදන වෙන් වී නොමැති බව සබරගමුව ප්‍රධාන ලේකම් දන්වා ඇත.
(iv) ප්‍රතිපාදන වෙන් කර නොමැති නිසා මුදල සඳහන් කළ නොහැක.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2012-11-12
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඉන්දික බණ්ඩාරනායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks