04

E   |     |  

 දිනය: 2012-01-19   පිළිතුර ලබා දී ඇත 

1571/2012: ගා/සීවලී මහා විද්‍යාලයේ අලුත්වැඩියාව: ප්‍රතිපාදන

1571/’11

 

ගරු බුද්ධික පතිරණ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      ගාල්ල දිස්ත්‍රික්කයේ, ඇල්පිටිය කලාප අධ්‍යාපන කාර්යාලයට අයත්, ඇත්කඳුර                        ගා/‍සීවලී මහා විද්‍යාලයේ පන්ති කාමර හතරක් සහිත ගොඩනැගිල්ලේ වහලය සහ  බිත්ති දිරාපත්වී අබලන් තත්වයට පත්ව ඇති බැවින්  එම විදුහලේ සිසු දරුදැරියන්හට දැඩි අනාරක්‍ෂිත තත්ත්වයක් යටතේ අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට සිදුව ඇති බව එතුමා දන්නෙහිද?

(ආ) (i) එම ගොඩනැගිල්ල කඩිනමින් අලුත්වැඩියා කිරීමට සැලසුම්කර ති‍බේද;

(ii) එසේ නම්, ඒ සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන මුදල කොපමණද;

(iii) අලුත්වැඩියා කටයුතු ආරම්භ කරන්නේ නම්, එම දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-01-19

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු  ගාමිණී විජිත්  විජයමුණි ද සොයිසා මහතා ( අධ්‍යාපන නියෝජ්‍ය  අමාත්‍යතුමා)

(மாண்புமிகு காமினி விஜித் விஜயமுனி  த சொய்சா - கல்வி பிரதி அமைச்சர்)

(The Hon. Gamini Wijith  Wijayamuni  De Zoysa - Deputy Minister of Education)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අධ්‍යාපන අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.  පිළිතුර මෙසේයි.

(අ)       ඔව්.

(ආ)         (i)       නැත. සැලසුම් කර ඇතත් එය ඉටු කිරීමට සුදුසු වාතාවරණයක් නැති බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම්ගේ ලිපිය මඟින් දන්වා ඇත.

(ii) ඇස්තමේන්තු මුදල රුපියල් මිලියන හතරකි. 

(iii) පහත සඳහන් හේතුව නිසා අදාළ නොවේ.

දකුණු පළාත් අධ්‍යාපන ලේකම්ගේ ලිපිය අනුව මෙම ගොඩනැඟිල්ල අලුත්වැඩියාව 2012 වසරේ සැලැස්මට ඇතුළත් කර තිබූ නමුත් "එක් ගමකට එක් වැඩක්" යටතේ ක්‍රීඩා පිටිය සංවර්ධනය වන බැවින් එම ගොඩනැඟිල්ල කඩා ඉවත් කරන බැව් විදුහල්පති විසින් දුරකථනයෙන් කරන ලද දැන්වීම පරිදි සැලැස්මෙන් ඉවත් කරන ලදි. අවශ්‍යතාවය පරිදි එම ගොඩනැඟිල්ල ඉවත් කරන්නේ නම්, ඒ වෙනුවට 80'x20' ගොඩනැඟිල්ලක් 2013 වසරට ලබා දීමට අපේක්ෂා කරන බව දන්වා ඇත.

(ඇ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2012-11-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු විජිත් විජයමුණි සොයිසා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks