04

E   |     |  

 දිනය: 2012-03-23   පිළිතුර ලබා දී ඇත 

1548/2012: කොළඹ දකුණ වරායේ දියකඩනය ඉදි කිරීම : විස්තර

1548/’11

 

ගරු රවී කරුණානායක මහතා,— වරාය හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       කොළඹ දකුණ වරායේ දියකඩනය ඉදිකිරීම ආරම්භ කරන ලද දිනය කවරේද;

             (ii)       දියකඩනය ඉදිකිරීම අවසන් කරන අවස්ථාව වන විට ශ්‍රමය වෙනුවෙන් දරන ලද පිරිවැය කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?  

(ආ) (i) දියකඩනය ඉදිකිරීමේ ව්‍යාපෘතියෙහි සේවය සඳහා යොදවන ලද විදේශීය සහ දේශීය සේවකයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) විදේශීය සේවකයන් ශ්‍රී ලංකාවට රැගෙන එන ලද රට හෝ සමාගම විසින් ඔවුන්ට ලබාදී තිබූ තනතුරු නාමයන් කවරේද; 

(iii) දියකඩනය ඉදිකිරීමේ ව්‍යාපෘතියෙහි සේවකයන් වෙනුවෙන් සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල වෙත ගෙවන ලද දායක මුදල්වල වටිනාකම කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-03-23

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

වරාය හා මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු රෝහිත අබේගුණවර්ධන මහතා (වරාය හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍යතුමා)

(மாண்புமிகு  ரோஹித அபேகுணவர்தன - துறைமுகங்கள், நெடுஞ்சாலைகள் பிரதி அமைச்சர்)

(The Hon. Rohitha Abeygunawardana - Deputy Minister of Ports and Highways)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි,   වරාය හා මහාමාර්ග අමාත්‍යතුමා වෙනුවෙන් මම එම ප්‍රශ්නයට පිළිතුරු දෙනවා.

(අ)          (i)       දකුණු කොළඹ වරායේ දියකඩනය ඉදි කිරීමේ ව්‍යාපෘතිය 2008 අප්‍රේල් 10 දින ආරම්භ කරන ලදී.

              (ii)      දියකඩනය ඉදි කිරීමේ අවසාන අවස්ථාව වන විට මෙහි ශ්‍රම පිරිවැය රුපියල් බිලියන 5.7ක් පමණ වේ.

(ආ) (i) දේශීය සේවකයන් - 2304

           විදේශීය සේවකයන්- 236

(ii) ඉංජිනේරු

     කාර්යාල සේවක

     යන්ත්‍ර සූත්‍ර ක්‍රියාකරු

     හෑරීමේ යන්ත්‍ර ක්‍රියාකරු

     කිමිදුම්කරු.

(iii) සේවක අර්ථසාධක අරමුදල - රු. 264,275,400.95

(විසිහයකෝටි හතළිස්දෙලක්ෂ හැත්තෑපන්දහස් හාරසියයයි ශත අනූපහයි)

සේවක භාරකාර අරමුදල  -රු. 39,517,182.88

(තුන්කෝටි අනූපන්ලක්ෂ දාහත්දහස් එකසියඅසූදෙකයි ශත අසූඅටයි)

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2013-01-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රෝහිත අබේගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks