පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
.
1544/’11
ගරු රවී කරුණානායක මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2010 සහ 2011 වර්ෂවලදී ශ්‍රී ලංකාවට ලිමොසින් නමැති අධි සුඛෝපභෝගී වාහන වර්ගය ආනයනය කිරීම සඳහා අවසරදීමට හේතු කවරේද;
(ii) මේ දක්වා ආනයනය කර ඇති ලිමොසින් වර්ගයේ වාහන සංඛ්‍යාව කොපමණද;
(iii) ආනයනය කරන ලද ලිමොසින් වර්ගයේ වාහනයක වටිනාකම කොපමණද;
(iv) ලිමොසින් වර්ගයේ වාහනයක් නිෂ්කාශණය කිරීම සඳහා ගෙවන ලද තීරු බදු සහ අනෙකුත් බදු ප්‍රමාණය කවරේද;
(v) එකී වාහන නිෂ්කාශණය කරගත් අයගේ නම් සහ ඒවා නිෂ්කාශණය කරගත් දිනයන් කවරේද;
(vi) ඉහත කී වාහනය සුඛෝපභෝගී වාහනයක් ලෙසින් වර්ගීකරණය කර තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) එන්ජින් ධාරිතාව 1000CC ට වඩා අඩු සහ 1000CC - 2000CC අතර ත්‍රිරෝද රථ සහ අනෙකුත් වාහනවලට අදාළ ආනයන බදු ප්‍රමාණය කවරේද;
(ii) අනෙකුත් සුඛෝපභෝගී වාහනවලට ආනයනයේදී අදාළවන තීරු බදු ප්‍රමාණය කොපමණද;
(iii) ඉහත (ආ) (ii) හි සඳහන් වාහනවලට අදාළ තීරු බදු අධි සුඛෝපභෝගී ලිමොසින් වර්ගයේ වාහන සඳහාද අය කළ යුතුව තිබුනේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-03-21
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල් හා ක්‍රමසම්පාදන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා
(மாண்புமிகு கலாநிதி சரத் அமுனுகம)
(The Hon. (Dr.) Sarath Amunugama)
ගරු කථානායකතුමනි, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.
(අ) (i) 2010 සහ 2011 වර්ෂවලදී ශ්‍රී ලංකාවට ලිමොසින් නමැති අධි සුඛෝපභෝගි වාහන වර්ගය ආනයනය කිරීම සඳහා විශේෂ අවසර දීමක් රජය විසින් සිදු කර නොමැත.
ශ්‍රී ලංකාව ලෝක වෙළෙඳ සංවිධානයේ සාමාජික රටක් වීමත්, විවෘත ආර්ථික ප්‍රතිපත්තිය අනුගමනය කිරීමත් නිසා ආනයන හා අපනයන පාලන නියෝගවලට යටත් නොවන ඕනෑම භාණ්ඩයක්, එම භාණ්ඩ ආනයනයේදී ගෙවිය යුතු සියලු බදු හා ගාස්තු ගෙවීමට යටත්ව ඕනෑම පුද්ගලයෙකුට හෝ ආයතනයකට මෙරටට ආනයනය කිරීම කළ හැකිය.
ඒ අනුව, වාහන ආනයනයේ දී, 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනතේ විධිවිධාන පරිදි පුද්ගලයන් ප්‍රවාහනය කරන වසර 2කට වඩා පැරණි වාහනයක් නම් හා භාණ්ඩ ප්‍රවාහනය කරනු ලබන වසර 4කට වඩා පැරණි වාහනයක් නම් මෙරටට ආනයනය කිරීමේදී ඒ සඳහා විශේෂ අවසරයක්, එනම් ආනයන බලපත්‍රයක් ලබා ගත යුතුය. එසේ බලපත්‍රයක් ලබා නොගන්නේ නම් හෝ නිකුත් කරනු නොලබන්නේ නම් එවැනි පැරණි වාහන මෙරටට ගෙන්වීමට අවසරයක් නොමැත.
ඒ අනුව, අදාළ ලිමොසින් වාහන ද එවකට වූ ආනයන හා අපනයන පාලන රෙගුලාසිවලට හා ඒ සඳහා අදාළව පැවැති ආනයන බදු ගෙවීමට යටත්ව මෙරටට ගෙන්වීමට විශේෂ අවසරයක් ලබා ගත යුතු නොවීය. එබැවින්, රජය විසින් මෙම අධිසුඛෝපභෝගි ලිමොසින් වාහන ගෙන්වීමට විශේෂ අවසර දීමක් සිදු නොකළ අතර, එවකට පැවති නීති-රීති අනුව එකී වාහන ඒ ඒ ආනයනකරුවන් විසින් ආනයනය කිරීමට කටයුතු කර ඇත.
(ii) 2011 වර්ෂය අවසානය දක්වා ආනයනය කර ඇති ලිමොසින් වාහන සංඛ්‍යාව 08කි.
(අ) (iii), (iv) සහ (v) සඳහා අදාළ පිළිතුරු පහත වගුවේ සඳහන් වේ.
(vi) 1995 අංක 16 දරන මුදල් පනත හා එහි සංශෝධනයන්ට අනුකූලව, සුඛෝපභෝගී මෝටර් වාහන ලෙස සැලකෙන්නේ එන්ජින් ධාරිතාව 2500 CCට වැඩි ඩීසල් මෝටර් රථ සහ එන්ජින් ධාරිතාව 2000 CCට වැඩි පෙට්‍රල් මෝටර් රථය.
කෙසේ වුවද ආසන සංඛ්‍යාව අනුව ලිමොසින් වාහනයක ආසන 13ට වැඩි බැවින් සහ එම වාහනයෙහි ඇති අනෙකුත් පහසුකම් අනුව එය කුඩා ප්‍රමාණයේ මෝටර් කෝච් රථයක් ලෙස රේගුව මඟින් වර්ගීකරණය කර ඇත.
මේ පිළිබඳව අධ්‍යයනය කිරීමෙන් පසු රජය විසින් කඩිනම් ක්‍රියා මාර්ග අනුගමනය කරමින් 2011.04.21 දිනැති අංක 1702/18 දරන ගැසට් නිවේදනය මඟින් ආදායම් සංරක්ෂණ ආඥාපනතට අවශ්‍ය සංශෝධන සිදු කරමින්, ලිමොසින් රථ ආනයනයේ දී වැඩි බදු ප්‍රමාණයක් අය කර ගැනීමට කටයුතු කර ඇත.
වර්තමානයේ මෙම වාහන සඳහා සුඛෝපභෝගි වාහනවලට අය කරන බද්දක් හා සමාන බදු අය කරනු ලැබේ. (ආනයනය කරන ලද ලිමොසින් රථයක් සඳහා වර්තමානයේ 350% ක බද්දක් ක්‍රියාත්මකයි.)
(ආ) (i)
(ii)
පිළිතුරු දුන් දිනය
2013-02-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks