02

E   |   සි   |  

 திகதி: 2012-03-21   பதிலளிக்கப்பட்டவைகள் 

1544/2012: லிமெளசின் வாகனங்களின் இறக்குமதி : விபரம்

1544/ ’11

 

கெளரவ ரவி கருணாநாயக்க,— நிதி, திட்டமிடல் அமைச்சரைக் கேட்பதற்கு,— 

( அ)   (i)      இலங்கையில் 2010 மற்றும் 2011 ஆம் ஆண்டுகளில் அதி சொகுசு லிமெளசின் வாகனங்களை இறக்குமதி செய்வதற்கு ஏன் அனுமதியளிக்கப்பட்டது என்பதையும்;

(ii) இற்றைவரை இறக்குமதி செய்யப்பட்டுள்ள  லிமெளசின்   வாகனங்களின் எண்ணிக்கையையும்;

(iii) இறக்குமதி செய்யப்பட்ட லிமெளசின் வாகனமொன்றின் பெறுமதியையும்;

(iv) லிமெளசின் வாகனமொன்றை விடுவித்துக்கொள்ள செலுத்திய சுங்கத்தீர்வை மற்றும் ஏனைய வரிகளையும்;

(v) வாகனங்களை விடுவித்துக்கொண்ட நபர்களின் பெயர்கள் மற்றும் அவற்றை விடுவித்துக்கொண்ட திகதி ஆகியவற்றையும்;

(vi) மேற்படி வாகனம் சொகுசு வாகனமென வகைப்படுத்தப்பட்டுள்ளதா என்பதையும்

அவர் இச்சபைக்குத் தெரிவிப்பாரா?

 

கேட்கப்பட்ட திகதி

2012-03-21

கேட்டவர்

கௌரவ ரவி கருணாநாயக்க, பா.உ.

அமைச்சு

நிதி, திட்டமிடல்

சட்டவாக்கம்

இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் ஏழாவது பாராளுமன்றம்

கூட்டத்தொடர்

1 வது கூட்டத்தொடர்

கேள்வியின் வரலாறு

விடை

ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා

(மாண்புமிகு கலாநிதி  சரத் அமுனுகம)

(The Hon. (Dr.) Sarath Amunugama)

ගරු කථානායකතුමනි, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.

(අ)          (i)      2010 සහ 2011 වර්ෂවලදී ශ්‍රී ලංකාවට ලිමොසින් නමැති අධි ‍සුඛෝපභෝගි වාහන වර්ගය ආනයනය කිරීම සඳහා විශේෂ අවසර දීමක් රජය විසින් සිදු කර නොමැත.

                       ශ්‍රී ලංකාව ලෝක වෙළෙඳ සංවිධානයේ සාමාජික රටක් වීමත්, විවෘත ආර්ථික ප්‍රතිපත්තිය අනුගමනය කිරීමත් නිසා ආනයන හා අපනයන පාලන නියෝගවලට යටත් නොවන ඕනෑම භාණ්ඩයක්, එම භාණ්ඩ ආනයනයේදී ගෙවිය යුතු සියලු බදු හා ගාස්තු ගෙවීමට යටත්ව ඕනෑම පුද්ගලයෙකුට හෝ ආයතනයකට මෙරටට ආනයනය කිරීම කළ හැකිය.

                       ඒ අනුව, වාහන ආනයනයේ දී, 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනතේ විධිවිධාන පරිදි පුද්ගලයන් ප්‍රවාහනය කරන වසර 2කට වඩා‍ පැරණි වාහනයක් නම් හා භාණ්ඩ ප්‍රවාහනය කරනු ලබන වසර 4කට වඩා පැරණි වාහනයක් නම් මෙරටට ආනයනය කිරීමේදී ඒ සඳහා විශේෂ අවසරයක්, එනම් ආනයන බලපත්‍රයක් ලබා ගත යුතුය. එසේ බලපත්‍රයක් ලබා නොගන්නේ නම් හෝ නිකුත් කරනු නොලබන්නේ නම් එවැනි පැරණි වාහන මෙරටට ගෙන්වීමට අවසරයක් නොමැත.

                      ඒ අනුව, අදාළ ලිමොසින් වාහන ද එවකට වූ ආනයන හා අපනයන පාලන රෙගුලාසිවලට හා ඒ සඳහා අදාළව පැවැති ආනයන බදු ගෙවීමට යටත්ව මෙරටට ගෙන්වීමට විශේෂ අවසරයක් ලබා ගත යුතු නොවීය. එබැවින්, රජය විසින් මෙම අධිසුඛෝපභෝගි ලිමොසින් වාහන ගෙන්වීමට විශේෂ අවසර දීමක් සිදු නොකළ අතර, එවකට පැවති නීති-රීති අනුව එකී වාහන ඒ ඒ ආනයනකරුවන් විසින් ආනයනය කිරීමට කටයුතු කර ඇත.

(ii) 2011 වර්ෂය අවසානය දක්වා ආනයනය කර ඇති ලිමොසින් වාහන සංඛ්‍යාව 08කි.

(අ)       (iii), (iv) සහ (v) සඳහා අදාළ පිළිතුරු පහත වගුවේ සඳහන් වේ.

 

(vi)  1995 අංක 16 දරන මුදල් පනත හා එහි සංශෝධනයන්ට අනුකූලව, සුඛෝපභෝගී මෝටර් වාහන ලෙස සැලකෙන්නේ එන්ජින් ධාරිතාව 2500 CCට වැඩි ඩීසල් මෝටර් රථ සහ එන්ජින් ධාරිතාව 2000 CCට වැඩි පෙට්‍රල් මෝටර් රථය.

       කෙසේ වුවද ආසන සංඛ්‍යාව අනුව ලිමොසින් වාහනයක ආසන 13ට වැඩි බැවින් සහ එම වාහනයෙහි ඇති අනෙකුත් පහසුකම් අනුව එය කුඩා ප්‍රමාණයේ මෝටර් කෝච් රථයක් ලෙස රේගුව මඟින් වර්ගීකරණය කර ඇත.

      මේ පිළිබඳව අධ්‍යයනය කිරීමෙන් පසු රජය විසින් කඩිනම් ක්‍රියා මාර්ග අනුගමනය කරමින් 2011.04.21 දිනැති අංක 1702/18 දරන ගැසට් නිවේදනය මඟින් ආදායම් සංරක්ෂණ ආඥාපනතට අවශ්‍ය සංශෝධන සිදු කරමින්, ලිමොසින් රථ ආනයනයේ දී වැඩි බදු ප්‍රමාණයක් අය කර ගැනීමට කටයුතු කර ඇත.

      වර්තමානයේ මෙම වාහන සඳහා සුඛෝපභෝගි වාහනවලට අය කරන බද්දක් හා සමාන බදු අය කරනු ලැබේ. (ආනයනය කරන ලද ලිමොසින් රථයක් සඳහා වර්තමානයේ  350% ක බද්දක් ක්‍රියාත්මකයි.)

(ආ)  (i) 

(ii) 

 

பதில் தேதி

2013-02-06

பதில் அளித்தார்

கௌரவ (கலாநிதி) சரத் அமுணுகம, பா.உ.





பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.

முழுப்பதிப்புரிமையுடையது.

வடிவமைத்து உருவாக்கியது  TekGeeks