04

E   |     |  

 දිනය: 2011-12-01   පිළිතුර ලබා දී ඇත 

1525/2011: දකුණු කොළඹ වරායේ ඉදි කිරීම් : විස්තර

1525/’11

 

ගරු රවී කරුණානායක මහතා,— වරාය හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      දකුණු කොළඹ වරායේ වැඩ නිම කරනු ලබන දිනය කවරේද;

             (ii)      එම වරායේ වැඩ නිම වූ තත්ත්වය කරා එළඹීමට අවසන් කළ යුතු අදියර සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

(ආ) (i) දකුණු කොළඹ වරායේ දිය කඩනයේ ඉදිකිරීම් කටයුතු නිම කරනු ලබන දිනය කවරේද;

(ii) දියකඩනය ඉදිකිරීම සඳහා වන පිරිවැය කොපමණද;

(iii) දියකඩනය ඉදිකිරීම සඳහා වන පිරිවැය දරනු ලබන්නේ කවුරුන් විසින්ද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

(ඇ) (i) ඉහත කී වරායේ නැංගුරම් ස්ථානවල ඉදිකිරීම් කටයුතු නිම කරනු ලබන දිනය කවරේද;

(ii) මුදල් යොදවා ඉහත කී නැංගුරම් ස්ථාන ඉදිකිරීමට පුද්ගලික අංශයේ සමාගම් ඉදිරිපත් වී තිබේද; 

(iii) එසේ නම්, එකී සමාගම්වල නම් සහ ‍ඔවුන්ට ලබා දෙන පහසුකම් කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

(ඈ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2011-12-01

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

වරාය හා මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු රෝහිත අබේගුණවර්ධන මහතා

(மாண்புமிகு ரோஹித அபேகுணவர்தன)

(The Hon. Rohitha Abeygunawardena)

ගරු කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.

(අ)          (i)      අදියර I - 2024 දී නිම කිරීමට නියමිතය.

                         අදියර II - ඉල්ලුමේ පුරෝකථනයන් හා ඉදිකිරීම් පිරිවැය මත දෙවන අදියරේ ඉදි කිරීම් කටයුතු ආරම්භ කිරීම තීරණය වනු ඇත.

              (ii)      අදියර සංඛ්‍යාව 2ක් වශයෙන් ඉහත දක්වා ඇත.

(ආ)         (i)       2012 අප්‍රේල් 10 වන දින වැඩ නිම කරන ලදී.

             (ii)       පිරිවැය ඇමෙරිකානු ඩොලර් මිලියන 400යි.

            (iii)       ආසියානු සංවර්ධන බැංකුව. (ණය ඇමෙරිකානු ඩොලර් මිලියන 300කි)

ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඇමෙරිකානු ඩොලර් මිලියන 81.3යි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇමෙරිකානු ඩොලර් මිලියන 18.7යි. (නල මාර්ගය දීර්ඝ කිරීමේ කටයුතු සඳහා)

(ඇ)       (i) පළමු බහලු පර්යන්තය 2016 වර්ෂයේදී නිම කිරීමට නියමිතය.

දෙවන බහලු පර්යන්තය 2020 වර්ෂයේ නිම කිරීමට සැලසුම් කර ඇත.

තුන්වන බහලු පර්යන්තය 2024 වර්ෂයේදී නිම කිරීමට සැලසුම් කර ඇත.

           (ii) ඔව්.

‍          (iii) පළමු බහලු පර්යන්තය

  සමාගමේ නම: කොළඹ  ජාත්‍යන්තර බහලු අංගන සමාගම (CICT)

සලසන ලද සහන:  2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3වන වගන්තියේ (4) වන උපවගන්ති යටතේ සංශෝධනය කර ඇති පරිදි ආයෝජන මණ්ඩලය විසින් ඇතැම් සහන සලසා ඇත.

(ඈ)     අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2013-02-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රෝහිත අබේගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks