පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1427/’11
ගරු ඉරාන් වික්‍රමරත්න මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) පළාත් සභා ආදායම් දෙපාර්තමේන්තු අයකරමින් තිබූ ව්‍යාපාර පිරිවැටුම් බද්ද 2011 අයවැය මගින් අහෝසිකිරීම හේතුවෙන් මේ වන විට පළාත් සභා ආදායම් දෙපාර්තමේන්තුවල සේවය කරන නිලධාරින්ට ඵලදායී රාජකාරියක් නොමැති බව එතුමා දන්නෙහිද?
(ආ) (i) මුදල් අමාත්‍යාංශ ලේකම්තුමාගේ නියෝගය පරිදි පළාත් ආදායම් සේවා ප්‍රශ්නය විසඳීමට දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් පත්කළ කමිටුව විසින් 2011.03.07 දින ලබාදී ඇති නිර්දේශය පරිදි පළාත් ආදායම් සේවා නිලධාරින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය කරනු ලබන්නේද;
(ii) එසේ නම්, ඒ සඳහා ගතවන කාලය කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) එසේ නොමැති නම්, දැනට කිසිදු රාජකාරියක් නොමැතිව පළාත් සභා ආදායම් දෙපාර්තමේන්තුවල සිටින, තරඟාකාරී විභාගයක ප්‍රතිඵල මත පළාත් සභා ආදායම් දෙපාර්තමේන්තුවලට බඳවාගත් 372ක් වන උපාධිධාරී මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරින්ගේ රැකියා ප්‍රශ්නය සම්බන්ධයෙන් රජය විසින් දෙනු ලබන විසඳුම කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2011-07-19
අසන ලද්දේ
ගරු ඉරාන් වික්‍රමරත්න මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල් හා ක්‍රමසම්පාදන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks