පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1407/’11
ගරු රවී කරුණානායක මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) විගණකාධිපති දෙපාර්තමේන්තුව පිහිටවනු ලැබූ දිනය කවරේද;
(ii) විගණකාධිපති දෙපාර්තමේන්තුවේ අනුමත කාර්ය මණ්ඩලයට අයත් සේවක සංඛ්‍යාව කවරේද;
(iii) මෙම දෙපාර්තමේන්තුවේ වත්මන් සේවක සංඛ්‍යාව කවරේද;
(iv) කාර්ය මණ්ඩලයේ පිරවීමට ඇති පුරප්පාඩු සංඛ්‍යාව කවරේද;
(v) කාර්ය මණ්ඩලයට හිමි වැටුප් සහ අනෙකුත් දීමනා කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) විගණකාධිපති දෙපාර්තමේන්තුව දේශපාලනීකරණය වීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ වාර්තාවේ සඳහන්ව තිබේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2011-11-28
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍ය කාර්යාලය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
(மாண்புமிகு தினேஷ் குணவர்தன)
(The Hon. Dinesh Gunawardena)
ගරු කථානායකතුමනි, අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුරු දෙනවා.
(අ) (i) 1799.01.24
(ii) 1,838
(iii) 1,358යි.
(iv) 480යි.
(v)
වැටුප් 2011 2012.10.31 (රුපියල්) දක්වා (රුපියල්)
01. ඒකාබද්ධ වැටුප 346,840,863 289,877,536
02. අනෙකුත් දීමනා
ජීවන වියදම් දීමනාව, භාෂා
දීමනාව, කාර්යස්ථාන දීමනාව 114,950,186 123,599,611
03. දිරිදීමනා 107,000,000 107,000,000
එකතුව 568,791,049 520,477,147
(ආ) විගණකාධිපති දෙපාර්තමේන්තුව දේශපාලනීකරණය වීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ වාර්තාවේ සඳහන් වී තිබීම පිළිබඳ කිසියම් තොරතුරක් මේ දක්වා අනාවරණ වී නැත. එසේ වුවද, එක්සත් ජාතීන්ගේ සංවිධානය 2011 දෙසැම්බර් 22වන දින සම්මත කරගෙන තිබූ අංක A/66/209 දරන යෝජනාව මඟින් ජාත්‍යන්තර උත්තරීතර විගණන ආයතන ශක්තිමත් කරමින් රාජ්‍ය පරිපාලනයේ කාර්යක්ෂමතාව, ගණන් දීමේ වගකීම, ඵලදායකත්වය, විනිවිදභාවය ප්‍රවර්ධනය කිරීම මඟින් ජාත්‍යන්තරව එකඟ වූ සංවර්ධන ඉලක්ක හා සහස්‍ර සංවර්ධන ඉලක්ක ක්‍රියාත්මක කිරීමේදී උත්තරීතර විගණන ආයතනවල සහයෝගය මෙවලමක් ලෙස භාවිත කිරීම සඳහා උත්තරීතර විගණන ආයතනවල ධාරිතා වර්ධන අවශ්‍යතාව අවධාරණය කර ඇත. මේ පිළිබඳව උත්තරීතර විගණන ආයතනයන‍්ගේ ජාත්‍යන්තර සංවිධානයේ මහ ලේකම්වරයා විසින් මා වෙත එවා තිබූ අංක 200/371- INTOSAI/2011 හා 2012 ජනවාරි මස වාර්තාවේ පිටපතක් සභාගත* කරමි.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-01-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks