පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
.
1380/’11
ගරු රවී කරුණානායක මහතා,— ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව සම සත්කාර රටක් වන බව ලෝක කුසලාන ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව වෙත දැනුම් දෙනු ලැබූ දිනය කවරේද;
(ii) ලෝක කුසලාන තරඟ සඳහා දැනට පවතින ක්‍රිකට් ක්‍රීඩාංගන නවීකරණය සඳහා වියදම් කරන ලද මුදල් ප්‍රමාණය කොපමණද;
(iii) දැනට පවතින ක්‍රිකට් ක්‍රීඩාංගන නවීකරණය සහ අලුතින් ක්‍රිකට් ක්‍රීඩාංගන ඉදිකිරීම සඳහා වන වියදම් අනුමත කිරීම පිණිස බලය පවරා දෙනු ලැබූ පුද්ගලයන්ගේ නම් කවරේද;
(iv) ක්‍රීඩාංගන ඉදිකිරීම් අනුමත වියදම්වලට අනුකූලව සිදු කරනු ලැබුවේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2011-11-22
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
ක්‍රීඩා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා (ක්‍රීඩා අමාත්‍යතුමා)
(மாண்புமிகு மஹிந்தானந்த அலுத்கமகே - விளையாட்டுத் துறை அமைச்சர்)
(The Hon. Mahindananda Aluthgamage - Minister of Sports)
ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
(අ) (i) 2005.04.02.
(ii) ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනය -
රු. 1,657,258,697.06 - රුපියල් මිලියන එක්දහස් හයසිය පණස්හතයි.
පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගනය -
රු. 1,243,418,241.08 - රුපියල් මිලියන එක්දහස් දෙසිය හතළිස්තුනයි.
එකතුව රු. 2,900,676,938.14 - රුපියල් මිලියන දෙදහස් නවසියයි
(iii) 2009 මාර්තු - 2011 ජූනි දක්වා -
ඩී.එස්. ද සිල්වා - සභාපති
අන්තර්පාලන කමිටුව
නිශාන්ත රණතුංග - ලේකම්
සුජීව රාජපක්ෂ - භාණ්ඩාගාරික
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ - සාමාජික
ගුණරත්න වීරසිංහ - සාමාජික
ලලිත් වික්‍රමසිංහ - සාමාජික
රනිල් අබේනායක - සාමාජික
(iv) ඔව්.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2013-01-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks