පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1319/'11
ගරු තිස්ස අත්තනායක මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2007.08.31 දිනැති ගැසට් නිවේදනය අනුව ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ II/II තනතුරට බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගයක් හා 2008.08.29 දිනැති ගැසට් නිවේදනය අනුව එම තනතුරට අධිසේවක පදනම මත බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගයක් පැවත්වූ බවත්;
(ii) ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ක්‍රම සම්පාදන රාජකාරීවල නිරත සංවර්ධන සම්බන්ධීකාරක නිලධාරීන් සීමිත තරඟ විභාගයෙන් සමත්ව සේවයට බඳවා ගත් බවත්;
(iii) අධිසේවක පදනම මත බඳවා ගැනීමේ තරඟ විභාගය සමත් වූ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි සේවය කළ සංවර්ධන සම්බන්ධීකාරක නිලධාරින් බඳවා නොගෙන ඔවුන් හා සමාන සුදුසුකම් හා ජ්‍යෙෂ්ඨත්වය ඇති සංවර්ධන නිලධාරීන් පමණක් එම තනතුරට බඳවා ගත් බවත්;
(iv) එමගින් ක්‍රම සම්පාදන සේවයට ඇතුළුවීමට තිබූ අවස්ථාව අහිමි වූ සංවර්ධන සම්බන්ධීකාරකවරුන් බලවත් අසාධාරණයට ලක්ව ඇති බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ආ) (i) එසේ නම්, අධිසේවක පදනම මත බඳවාගැනීමේ සීමිත තරඟ විභාගය සමත්ව සම්මුඛ පරීක්‍ෂණයට පෙනී සිටි සංවර්ධන සම්බන්ධීකාරක නිලධාරීන් ඉහත තනතුරට බඳවාගනු ලබන දිනය කවරේද;
(ii) සංවර්ධන සම්බන්ධීකාරක නිලධාරීන් හට උසස්වීම් පටිපාටියක් සකස් කරන්නේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2011-07-19
අසන ලද්දේ
ගරු තිස්ස අත්තනායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල් හා ක්‍රමසම්පාදන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks