පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1307/’11
ගරු රවී කරුණානායක මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යංශය මගින්, එම අමාත්‍යාංශයට අයත් නොවන ගොඩනැගිලි කුලියට හෝ බද්දට ලබාගැනීම සඳහා දරන මුළු පිරිවැය කොපමණද;
(ii) කුලියට හෝ බද්දට ගත් ගොඩනැගිලිවල වර්ග අඩියක් සඳහා මිල කොපමණද;
(iii) ගොඩනැගිලිවල බදු කාලය කොපමණද;
යන්න 2010 සහ 2011 වර්ෂ සඳහා වෙන් වෙන් වශයෙන් එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) අමාත්‍යංශයේ කිසිදු ආයතනයකට අයත් නොවන වාහන කුලියට හෝ බද්දට ලබාගැනීම සඳහා වැය කළ මුළු මුදල කොපමණද;
(ii) අයත් මුළු වාහන සංඛ්‍යාව කොපමණද;
(iii) බාහිරින් ලබාගන්නා අනෙකුත් සේවා කවරේද;
(iv) ඉහත සඳහන් බාහිරින් ලබාගත් සේවා සඳහා පිරිවැය කොපමණද;
(v) බාහිරින් සේවා ලබාගැනීමේ පදනමින් ගිවිසුම්වලට එළඹි පුද්ගල සංඛ්‍යාව කොපමණද;
(vi) සමස්ත කාර්ය මණ්ඩල සංඛ්‍යාව කොපමණද;
යන්න මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යංශයට අදාළව ඉහත කී වර්ෂ සඳහා වෙන් වෙන් වශයෙන් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2011-09-22
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල් හා ක්‍රමසම්පාදන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා (ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතා අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යතුමා)
(மாண்புமிகு கலாநிதி சரத் அமுனுகம - சர்வதேச நிதிய கூட்டிணைப்பு அமைச்சரும் நிதி, திட்டமிடல் பிரதி அமைச்சரும்)
(The Hon. (Dr.) Sarath Amunugama - Minister of International Monetary Co-operation and Deputy Minister of Finance and Planning)
ගරු කථානායකතුමනි, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුරු දෙනවා.
(අ) (i) ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ බටහිර කුලුනේ, දෙවන මහල, 2010 දෙසැම්බර් 15 දින සිට 2011 දෙසැම්බර් 14 වන දින දක්වා කුලියට ගන්නා ලදී. මුළු පිරිවැය - රුපියල් 19,965,562 (රුපියල් මිලියන 19.9)
(ii) වර්ග අඩියක් සඳහා මසකට රුපියල් 109යි.
(iii) වර්ෂ 1කි. (2010 දෙසැම්බර් 15 සිට 2011 දෙසැම්බර් 14)
(ආ) (i) 2010 හෝ 2011 වර්ෂය සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ ප්‍රවාහන අංශය සඳහා කිසිදු වාහනයක් කුලියට හෝ බද්දට ගෙන නැත.
(ii) ලේකම්, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය නමින් ලියාපදිංචි කර ඇති සියලුම වාහන සංඛ්‍යාව 63කි.
(iii) ආරක්ෂක සේවාව
පවිත්‍රතා සේවාව
භූමි අලංකරණ
ගිනි අනතුරු රක්ෂණ
(iv)
|
සේවාව |
වාර්ෂික |
පිරිවැය (රුපියල්) |
|
|
2010 |
2011 |
|
ආරක්ෂක සේවාව |
18,546,640.00 |
11,062,800.00 |
|
පවිත්‍රතා සේවාව |
5,236,110.00 |
5,871,693.00 |
|
භූමි අලංකරණ |
599,400.00 |
822,000.00 |
|
ගිනි අනතුරු ආරක්ෂණ සේවාව ගිවිසුම් අනුව වාර්ෂික පිරිවැය |
2010 |
2011 |
|
FIRE DETECTION AND ALARM SYSTEM INSTALLED AT THE TREASURY BUILDING |
රු.174,720 |
රු.174,720 |
|
FIRE PROTECTION SYSTEM INSTALLED AT THE TREASURY BUILDING (FIRE EXTINGUISHERS) HOSE REEL AND WET RISER SYSTEM |
රු. 97,216 |
රු. 97,216 |
|
CO2 SUPPRESSION FIRE PROTECTION SYSTEM INSTALLED AT COMPUTER ROOM (01ST FLOOR ROOM No 122) |
රු. 40,880 |
රු. 40,880 |
(v)*පුද්ගලයන් සමඟ ගිවිසුම්වලට එළඹී නැත.
|
සේවාව |
ආයතනය |
එක් දිනකට යොදා ගනු ලබන සේවක සංඛ්‍යාව |
|
ආරක්ෂක සේවාව |
සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා සමාගම |
20 |
|
පවිත්‍රතා කටයුතු |
යුනිකෙයාර් ආයතනය |
25 |
(vi) (ආ) (v) හි දක්වා ඇති පරිදි.
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2013-01-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks