01

E   |     |  

 දිනය: 2011-07-05   පිළිතුර ලබා දී ඇත 

1177/2011: Ms. Sunila Abeysekara -Event at Law College

1177/’11

 

ගරු ඉරාන් වික්‍රමරත්න මහතා,— උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකරණ කාර්යාලයේ සහයෝගය ඇතිව, නීති පීඨය සහ මානව හිමිකම් අධ්‍යයන කේන්ද්‍රය විසින් 2010 දෙසැම්බර් 10 දින කොළඹ විශ්වවිද්‍යාලයෙහි සංවිධානය කළ උත්සවයකදී 1998 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සම්මානලාභියෙකු වන සුනිලා අ‍බේසේකර මහත්මියට කතාකිරීමට අවසර ලබා නොදුන් බවත්;      

  (ii)  සුනිලා අබේසේකර මහත්මියට කතාකිරීමට අවසරදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය එම උත්සවය අවලංගු කළ බවත්;

එතුමා දන්නෙහිද?

(ආ)  (i)  ඉහත කී උත්සවයේදී සුනිලා අබේසේකර මහත්මියට කථාකිරීමට ඉඩ නොදීමට හේතු කවරේද;

  (ii)  විශ්වවිද්‍යාලයක කථාකිරීමට හැක්කේ කාටද යන්න නිශ්චය කිරීම සඳහා ප්‍රතිපත්තියක් තිබේද;

  (iii)  එසේ නම්, එම ප්‍රතිපත්තිය ‍කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)  සිතීමේ නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අවශ්‍ය කරන්නා වූ විශ්ව මට්ටමේ ඉගෙනුම හා දැනුම විශ්වවිද්‍යාල තුළ ප්‍රවර්ධනය කරන්නේ කෙසේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2011-07-05

අසන ලද්දේ

ගරු ඉරාන් වික්‍රමරත්න මහතා, පා.ම.

අමාත්‍යාංශය

උසස් අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks