04

E   |     |  

 දිනය: 2011-06-22   පිළිතුර ලබා දී ඇත 

1173/2011: Pensions Anomaly - Officers in three armed force

1173/’11

 

ගරු තිස්ස අත්තනායක මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      රජය විසින් නිකුත් කරන ලද 6/2010 විශ්‍රාම වැටුප් චක්‍ර ලේඛයට අනුව 85% විශ්‍රාම වැටුප් හිමි වන්නේ ක්‍රියාන්විත ප්‍රදේශවල වසර 5ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති විශ්‍රාමික රණවිරුවන්ට පමණක් බවත්;

         (ii)  ත්‍රිවිධ හමුදා නිලධාරීන් ලංකාවේ විවිධ පළාත්වල සේවය කරන්නේ ඔවුන්ගේ පුද්ගලික කැමැත්ත මත නොව විවිධ අවස්ථාවලදී අදාළ හමුදාවේ පරිපාලන සේවා අවශ්‍යතා මත බවත්;

එතුමා දන්නෙහිද?

(ආ)  ත්‍රිවිධ හමුදාවේ සියලුම නිලධාරීන් විශ්‍රාම ගැන්වීමේදී එක හා සමානව සැලකිය යුතුබව එතුමා  පිළිගන්නෙහිද? 

(ඇ)  එසේ නම්, විශ්‍රාම ගැන්වීමේදී ක්‍රියාන්විත සේවා කාලය සලකා විශ්‍රාම වැටුප් ප්‍රතිශතය ගණනය කිරීමෙන් ඇති වන  විෂමතාව ඉවත් කිරීමට අදාළ බලධාරීන්ට උපදෙස් දෙන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2011-06-22

අසන ලද්දේ

ගරු තිස්ස අත්තනායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks