04

E   |     |  

 දිනය: 2011-06-22   පිළිතුර ලබා දී ඇත 

1170/2011: Dinner for Officers of Postal Department

1170/’11

 

ගරු තිස්ස අත්තනායක මහතා,— තැපැල් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      විශ්ව තැපැල් දිනය වෙනුවෙන් 2010.10.04 වැනි  දින කටුබැද්ද ජාතික ආධුනිකත්ව මණ්ඩල ශ්‍රවණාගාරයේදී උත්සවයක් පැවැත්වූ බවත්;

            (ii)      ඊට අමතරව එම දිනය සැමරීමට තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ජෙට් ලයිනර් නැවේ රාත්‍රී භෝජන සංග්‍රහයක් සහිතව සුහද හමුවක් පැවැත්වූ බවත්;

එතුමා දන්නෙහිද?

(ආ)  (i)  එම සාදය සඳහා තැපැල් දෙපාර්තමේන්තුව වැය කළ මුදල  කොපමණද;

  (ii)  එ‍සේ  මුදල් වියදම් කිරීමට නිසි පරිදි අනුමතිය ලබා ගෙන තිබුනේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ)  (i)  වාර්ෂිකව රුපියල් බිලියන 26ක පමණ පාඩුවක් ලබන තැපැල් දෙපාර්තමේන්තුවේ සේවා අවශ්‍යතා සහ කාර්ය මණ්ඩල අවශ්‍යතා සම්පූර්ණ කිරීමට තිබියදී එය පසෙකලා මෙලෙස මුදල් වියදම් කිරීම ආසාධාරණ  බව එතුමා පිළිගන්නේද;

        (ii)  එසේ නම්, ඒ සම්බන්ධයෙන් ගනු ලබන  ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2011-06-22

අසන ලද්දේ

ගරු තිස්ස අත්තනායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

තැපැල් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks