පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1105/’11
ගරු වසන්ත අලුවිහාරේ මහතා,— ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මාතලේ දිස්ත්‍රික්කයේ, විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, හෙට්ටිපොල, ගොඩඋල්පත පිහිටි රජයේ ඉඩම් බෙදා දීමට පියවර ගෙන ඇති බවත්;
(ii) ඒ සඳහා 1987 වර්ෂයේ සිට එම ඉඩම් භුක්ති විඳිමින් සිටි පිරිස එම ඉඩම්වලින් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවත්;
(iii) අදාළ ඉඩම් ඔවුන්ට ලබා දීමට ඉඩම් කච්චේරියක් මගින් තෝරාගෙන තිබියදී වෙනත් පුද්ගලයින්ට එම ඉඩම් ලබා දීමට පියවර ගන්නා බවත්;
(iv) එමගින් ඉඩම් භුක්ති විඳිමින් සිටි පිරිසට බලවත් අසාධාරණයක් සිදුවන බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ආ) (i) දැනට ඉහත පරිදි ඉඩම් බෙදා දීමක් සිදු වන්නේ නම්, එය සිදු කරන පදනම කවරේද;
(ii) එම රජයේ ඉඩම් බෙදා දීම හෝ අල්ලා ගැනීම සම්බන්ධ විස්තර කවරේද;
(iii) මෙතෙක් එම ඉඩම් භුක්ති විදි පුද්ගලයින් හට ද ඉඩම් ලබාදීමට සාධාරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2011-05-04
අසන ලද්දේ
ගරු වසන්ත අලුවිහාරේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඉඩම් හා ඉඩම් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks