පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1099/’11
ගරු අකිල විරාජ් කාරියවසම් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ කීර්තිමත් ජාතික පාසලක් වන කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ හය වැනි ශ්‍රේණිය සඳහා පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්වය සමත් සිසුන් ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදයෙහි අක්‍රමිකතා සිදු වී තිබෙන බව එතුමා දන්නෙහිද?
(ආ) (i) වර්ෂ 2006 ශිෂ්‍යත්ව විභාගය සමත් වූ සිසුන්ගෙන් එම පාසල සඳහා සිසුන් තෝරා ගැනීමට නියමිත වූ කඩ ඉම් ලකුණු මට්ටම කොපමණද;
(ii) කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ හය වැනි ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදය කවරේද;
(iii) එම ක්‍රමවේදයට පටහැනිව යමින් 2006 ශිෂ්‍යත්ව විභාගය සමත් නොවූ සිසුන් පාසලට ඇතුළත් කර ගෙන තිබේද;
(iv) එසේ නම්, එම සංඛ්‍යාව කොපමණද;
(v) එම සිසුන් පාසලට බඳවා ගත් පදනම කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2011-05-04
අසන ලද්දේ
ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks