පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1061/’11
ගරු වසන්ත අලුවිහාරේ මහතා,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) මධ්‍යම පරිසර අධිකාරිය විසින් ආරම්භ කර ඇති ජාතික පිලිසරු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන පදනම කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) මෙම ව්‍යාපෘතිය යටතේ කොම්පෝස්ට් පොහොර ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා මාතලේ මහ නගර සභාවත් මධ්‍යම පරිසර අධිකාරියත් අතර 2009 වර්ෂයේ ගිවිසුමක් අත්සන් කර ඇති බවත්;
(ii) එම ගිවිසුමට අනුව අදාළ ව්‍යාපෘතිය සඳහා රුපියල් 2,750,000/- ක මුදලක් මධ්‍යම පරිසර අධිකාරිය විසින් මාතලේ මහ නගර සභාවට ලබා දී ඇති බවත්;
(iii) ගිවිසුමට අනුව 2010 මාර්තු වන විට එම ව්‍යාපෘතිය නිම කළ යුතු වුවද, මාතලේ මහ නගර සභාව මෙතෙක් එය ක්‍රියාත්මක කර නොමැති බවත්;
එතුමා දන්නෙහිද?
(ඇ) (i) එම ව්‍යාපෘතිය සඳහා ගිවිසුම් ගත කාලය අවසන් වීමෙන් පසු මධ්‍යම පරිසර අධිකාරියට ඒ සම්බන්ධව ගත හැකි ක්‍රියාමාර්ග කවරේද;
(ii) ඉහත ගිවිසුම කඩකර තිබියදී මාතලේ මහ නගර සභාවට නැවත එවැනි ගිවිසුමක් අත්සන් කළ හැකිද;
(iii) එසේ නම්, එය පදනම් විය යුතු කරුණු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2011-05-03
අසන ලද්දේ
ගරු වසන්ත අලුවිහාරේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
පරිසර
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks