පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1060/’11
ගරු වසන්ත අලුවිහාරේ මහතා,— වරාය හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) මාතලේ - රත්තොට මාර්ගය සංවර්ධනය කිරීම ආරම්භකර ඇති බව එතුමා දන්නෙහිද?
(ආ) (i) එම මාර්ගය සංවර්ධනය කිරීම සඳහා මිනුම් කටයුතු අවසන් කර මාර්ග සැලසුම් සකස් කර තිබේද;
(ii) එම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු ගත මුදල කොපමණද;
(iii) ඒ සඳහා වෙන් කර ඇති මුදල කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) මෙම මාර්ගය පුළුල් කිරීමේ කටයුතුවලදී,
(i) පවරා ගනු ලබන ඉඩම් ප්‍රමාණය හා කඩා ඉවත් කරනු ලබන නිවාස සංඛ්‍යාව කොපමණද;
(ii) එම ඉඩම් හා නිවාස අහිමි වන අයගේ නම් කවරේද;
(iii) ඉහත දේපල පවරා ගැනීමට අදාළව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේද;
(iv) ගැසට් නිවේදනයක් නිකුත් කර නොමැති නම්, ඊට හේතු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) (i) ඉහත මාර්ගය පුළුල් කිරීමේදී පවරා ගනු ලබන දේපල වෙනුවෙන් වන්දි ලබා දෙන්නේද;
(ii) ඒ සඳහා වෙන්කර ඇති මුදල කොපමණද;
(iii) එම වන්දි මුදල් ගෙවා නිම කරන දිනය කවරේද;
(iv) පවරා ගනු ලබන ඉඩම් සඳහා විකල්ප ඉඩම් ලබා දෙන්නේද;
(v) එසේ නම්, එම ඉඩම් ලබාදෙන ස්ථානය කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2011-05-20
අසන ලද්දේ
ගරු වසන්ත අලුවිහාරේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
වරාය හා මහාමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks