පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1670/2021
ගරු හෙක්ටර් අප්පුහාමි මහතා,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, සාලියවැව අංක 638 -රණවරාපිටිය ග්‍රාම නිලධාරි වසමේ නීතිවිරෝධී බොරළු කැණීමක් සිදු කරනු ලබන බව දන්නේද;
(ii) එම නීති විරෝධී බොරළු කැණීම මැඩපැවැත්වීම සදහා අමාත්‍යාංශය විසින් මේ වනවිට ගෙන ඇති සහ ඉදිරියේ දී ගැනීමට අපේක්ෂිත ක්‍රියාමාර්ග වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2021-11-15
අසන ලද්දේ
ගරු හෙක්ටර් අප්පුහාමි මහතා, පා.ම.
අමාත්‍යාංශය
පරිසර
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) නීති විරෝධී බොරලු කැණීමක් සිදුකර ඇති බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාශංය විසින් වාර්තා කර ඇත.
(ii) පුත්තලම දිස්ත්‍රික්කයේ, කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, සාලිය වැව අංක 638 රණවරාපිටිය ග්‍රාම නිලධාරි වසමේ සිදුවන නීති විරෝධී බොරලු කැණීම් සම්බන්ධයෙන් වැටලීම් සිදුකර අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරි ද, පුත්තලම නියෝජ්‍ය පොලිස්පති සහ කරුවලගස්වැව පොලිස් ස්ථානයෙහි ස්ථානාධිපති දැනුවත් කිරීමට භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය විසින් කටයුතු කර ඇති බව වාර්තා කර ඇත.
තවද, මෙම නීති විරෝධී පස්/බොරලු කැණීම් සම්බන්ධයෙන් භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ ක්ෂේත්‍ර නිලධාරි විසින් 2021.11.06 දිනැතිව ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදු කර මෙම පස්/බොරලු කැණීම නීති විරෝධී ආකාරයෙන් සිදු කරන ලද්දක් බව තහවුරු කරගෙන ඇත. මෙම නීති විරෝධී පස්/බොරලු කැණීම සිදු කරන ලද පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කර, අංක 76033/2021 දරන නඩුකරය යටතේ නඩු පවරා ඇති බව සාලිය වැව පොලිස් ස්ථානාධිපතිවරයා වෙතින් විමසා තහවුරු කර ගත් බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය විසින් වාර්තා කර ඇත.
(ආ) පැන නොනගී.
පිළිතුරු දුන් දිනය
2021-11-15
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මහින්ද අමරවීර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks