පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-03-25
අසන ලද්දේ
ගරු අනුර දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2016.01.01 සිට 2019.12.31 දක්වා විශ්‍රාම ගැන්වූ රජයේ සහ පොලීසියේ සේවක සංඛ්‍යාව (සිවිල්) - 67911
ත්‍රිවිධ හමුදාවේ සේවක සංඛ්‍යාව - 33617
එකතුව - 101528
(ii) 2016.01.01 සිට 2019.12.31 දක්වා වැන්දඹු අනත්දරු හා වැන්දඹු පුරුෂ අනත්දරු වශයෙන් විශ්‍රාම වැටපු ලබා ගන්නා සංඛ්‍යාව සහ ඔවුන්ට විශ්‍රාම වැටුප් ගෙවීමට වැය කළ මුදල සම්බන්ධයෙන් තොරතුරු මේ සමඟ අමුණා ඉදිරිපත් කර ඇත. ඇමුණුම් 01 සහ 02හි* දක්වා ඇත.
(iii) 2015.01.01 සිට 2015.12.31 දක්වා විශ්‍රාම ගන්වා දෙපාර්තමේන්තුව වෙත අයදුම්පත් ඉදිරිපත් වූ රාජ්‍ය සේවක සංඛ්‍යාව - 23583
2020.01.01 සිට 2020.12.31 දක්වා විශ්‍රාම ගන්වා දෙපාර්තමේන්තුව වෙත අයදුම්පත් ඉදිරිපත් වූ රාජ්‍ය සේවක සංඛ්‍යාව - 24319
(iv) 2020.12.31 දිනට විශ්‍රාම වැටුප් ලබන රාජ්‍ය සේවක සංඛ්‍යාව - 660934
ඔවුන්ට දෙසැම්බර් මාසය සඳහා විශ්‍රාම වැටුප් ගෙවීමට වැය කළ මුදල රු.19,951,890,787.41යි.
(2020.01.01 සිට 2020.12.31 දක්වා සම්පූර්ණ වියදම ඇමුණුම් 03* මඟින් ඉදිරිපත් කර ඇත.)
(ආ) (i) 35/2019 අනුව 2016.01.01 සිට 2019.12.31 දක්වා විශ්‍රාම ගැන්වූ රජයේ සේවකයින්ට 2020.01.01 දිනට ගෙවිය යුතු විශ්‍රාම වැටුප ගෙවීමට වැය වන මුදල සඳහා දළ වශයෙන් රුපියල් බිලියන 11ක අමතර ප්‍රතිපාදන අවශ්‍ය බවට ගණනය කර ඇත.
(ii) 2016.01.01 සිට 2019.12.31 දක්වා විශ්‍රාම ගැන්වූ විශ්‍රාමිකයන්ගෙන් 2020.12.31 දින වන විට මිය ගොස් ඇති සංඛ්‍යාව - 1849
(iii) ගෙවීම් සිදු කිරීම සඳහා රජය විසින් අවශ්‍ය නෛතික හා මූල්‍ය ප්‍රතිපාදන සලසන දිනකදී.
(iv) විශ්‍රාම වැටුප සකස් කෙරෙන 2020 වර්ෂය වන විට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 3/2016 උපරිම වැටුප් තලය මත වැටුප අනුව විශ්‍රාම වැටුප් සකස් කරනු ලැබේ. ඒ අනුව 2020 වර්ෂයේ විශ්‍රාම යන නිලධාරින්ගේ විශ්‍රාම වැටුප ගණනය කරන්නේ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 3/2016 අනුව, 2020 වර්ෂයට අදාළ උපරිම වැටුප මත පදනම් කරගෙනය. එබැවින්, රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 35/2019 මඟින් ලබා දීමට යෝජිත වැටුප මත මේ වන විටත් ඔවුන්ගේ විශ්‍රාම වැටුප සකස් කර ඇති බැවින්, ඔවුන්ට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 35/2019 අදාළ නොවේ.
(ඇ) ඉහත පිළිතුරු ලබා දී ඇති බැවින් අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-03-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks