logo

බලන්න

02

E   |     |  

 දිනය: 2021-03-25   පිළිතුර ලබා දී ඇත 

1419/2021: Foreign debt details

----

අසන ලද දිනය

2021-03-25

අසන ලද්දේ

ගරු අනුර දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      2021 ජනවාරි 31 වන විට මධ්‍යම රජය විසින් ගෙවීමට ඇති මුළු විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 36,474කි.

              (ii)      එම විදේශ ණය වෙනුවෙන් ගෙවීමට ඇති ණය සහ පොලී වාරිකය එක් එක් වර්ෂය අනුව ඇමුණුම 01හි* දක්වා ඇත.

(ආ)     ඉහත ණය ලබාගත් වර්ෂය, මුළු ණය මුදල, ගෙවා ඇති ප්‍රමාණය, ගෙවීමට ඇති ප්‍රමාණය, ගෙවා අවසන් කිරීමට ඇති වර්ෂ සංඛ්‍යාව ණය ලබා ගත් එක් එක් ව්‍යාපෘතිය අනුව වෙන් වෙන් වශයෙන් ඇමුණුම 02 හි* දක්වා ඇත.

(ඇ) 2020 සැප්තැම්බර් අවසානය වන විට (දැනට ඇති නවතම දත්ත අනුව) ශ්‍රී ලංකා මහ බැංකුව, තැන්පතු භාර ගන්නා ආයතන, පෞද්ගලික අංශය, රජය සතු වාණිජ ව්‍යවසායන් සහ රාජ්‍ය සංස්ථා සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි සමාගම්වල අන්තර් සමාගම් ණය ඇතුළු රාජ්‍ය නොවන විදේශ ණය එක්සත් ජනපද ඩොලර් 20.1ක් විය.

(ඈ) පැන නොනඟී.

 

 

පිළිතුරු දුන් දිනය

2021-05-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්ද රාජපක්ෂ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks