පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2021-03-25
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) නීතිවිරෝධි මත්පැන් සහ විනාකිරි නිෂ්පාදනාගාර වැටලීමේදී බිස්කට් ඇමෝනියා (Biscuit Ammonia) යොදා ගන්නා බවට හඳුනාගෙන ඇත.
(ii) සිදු කරන ලද වැටලීම් සීමිත ගණනකදී වාර්තා වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් අධිකරණයට වාර්තා කිරීම හැරුණු විට විශේෂයෙන් වාර්තා තබා ගැනීමක් සිදු කර නොමැත.
(iii) රජයට අයවිය යුතු බදු අහිමිවීමක් සිදු නොවේ.
(iv) අදාළ නොවේ.
(v) ඔව්.
(vi) එම රා තොගවලින් ලබා ගන්නා නිදර්ශක රජයේ රස පරීක්ෂක වෙත යවා ඒවායේ අන්තර්ගතය සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තා ලබා ගැනීම එම ක්‍රමවේදයයි.
(vii) ඒ සඳහා රා හැර වෙනත් නිශ්චිත නාමයක් නොමැත.
(viii) රාවල ප්‍රමාණය හා ගුණය (Quantity and quality) වර්ධනය කිරීම සඳහා රාවලට ප්‍රධාන වශයෙන් ජලය, සීනි හා යීස්ට් එකතු කරනු ලබන බව වැටලීම්වලදී නිරීක්ෂණය කර ඇත.
(ix) එම රා ප්‍රධාන වශයෙන්ම ඉස්කාගාර සඳහා යොමු කර ඇති බවත්, ඊට අමතරව පානීය මහ රා ලෙස ද යොමු කර ඇති බවත් වැටලීම්වලදී නිරීක්ෂණය කර ඇත.
(ආ) (i) සුරාබදු නිලධාරින් විසින් රා තොගවල මද්‍යසාර ප්‍රතිශතය පරීක්ෂා කිරීම සඳහා එබුලියෝ මාපක පරීක්ෂණය (Ebulliometer Test) සිදු කරනු ලබයි. ඊට අමතරව අවස්ථාවෝචිත පරිදි එම රා තොගවලින් ලබා ගන්නා නිදර්ශක රජයේ රස පරීක්ෂක වෙත යවා ඒවායේ අන්තර්ගතය සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තා ලබා ගැනීම ද සිදු කරනු ලබයි.
(ii) එබුලියෝ මාපක පරීක්ෂණය (Ebulliometer Test) රා තොග ලැබෙන අවස්ථාවලදී ද, රස පරීක්ෂක වෙත යවා විශ්ලේෂණ වාර්තා ලබා ගැනීම අවශ්‍ය හා අවස්‍ථාවෝචිත පරිදි ද සිදු කරනු ලබයි.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2021-04-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මහින්ද රාජපක්ෂ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks